Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අංක 125/2 වැව ඉදිරිපිට කඹුරුගමුව ලිපිනයේ පදිංචි ටී.ජී. ජානකී සිරිකාන්ති නැමැත්තිය පාසල් යන වයසේ දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර, දැනට වසර කීපයක සිට වකුගඩු නරක්වීම නිසා රෝගීව සිටින බවත්, දැනට කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුගේ නිර්දේශ මත ප්‍රතිකාර ගන්නා අතර, වකුගඩුවක් බද්ධ කිරීමට නිර්දේශ කර ඇති බවත් කියයි.

ඒ සඳහා “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පින්වතකු සිටී නම් ඔහුගේ පරිත්‍යාගය අගයකෙරේ. 071 192 75 85, 071 492 67 69 දුරකථන අංකවලින් තොරතුරු ලබාගත හැකි බව කියයි.

****

අංක 45, කොහිලවත්ත, අංගොඩ යන ලිපිනයෙහි පදිංචි දේවිකා ශි‍්‍රයාණි තිලකරත්න යන අය වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින්, ඇය ජීවත්කරවීම සඳහා වකුගඩුවක් බද්ධ කිරීම අත්‍යවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය රුචික ලැනරෝල් මහතා නිර්දේශ කර ඇති බව කියයි. දැනට ඇය එම වෛද්‍යවරයාගේ ජාතික රෝහලේ සායනයෙහි ප්‍රතිකාර ලබමින් සිටින බව ද කියයි.

ඇයට ඒ සඳහා “ඒ පොසිටිව්, ඒ නෙගෙටිව්” හෝ “ඕ පොසිටිව් සහ ඕ නෙගෙටිව්” රුධිර කාණ්ඩවල වකුගඩුවක් සුදුසු බව නිර්දේශ කර ඇති අතර පරිත්‍යාගශීලීයෙකු වෙතොත් 0777 821534, 077 4549505 දුරකථන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

“බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බැවින් ඩී. ප්‍රසන්න අබේසිංහ 187 / 5 / 2 - 4 වන පටුමග මූනමල්වත්ත, කිරිවත්තුඩුව හෝමාගම ලිපිනයට දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ..

****

පාදුක්ක, වේරගල ඉසුරු උයන අංක 142/8/78 බී නිවසේ පදිංචි තිදරු පියෙකු වන එම්.එම්. ලලිත් සුජීව මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. වෛද්‍ය නිර්දේශය අනුව “බී පොසිටිවි” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් බද්ධ කළ යුතුව ඇති බවද කියයි. එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියකු වෙතොත් දුරකථන අංක 077 200 55 56/ 071 4445509 වෙතින් අමතන ලෙස ඥාතීහු ඉල්ලීමක් කරති.