Print this Article


සාමණේර උපසම්පදා සහතික පිටපත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් නිකුත් කෙරේ

සාමණේර උපසම්පදා සහතික පිටපත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් නිකුත් කෙරේ

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කිරීම හා මෙරට වැඩ වාසය කරන ගරුතර මහා සංඝරත්නයෙහි පහසුව උදෙසා සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සාමණේර හා උපසම්පදා ලියාපදිංචි සහතික පිටපත් සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් නිකුත් කිරීම පසුගිය 10 වන දින ආරම්භ කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.

මීට අමතරව රත්නපුර, මහනුවර හා කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය බෞද්ධ කටයුතු කාර්යාල මඟින් ද මෙම සේවාව ආරම්භ කර ඇති බව ද ඒ මහතා කියයි. 1995 වර්ෂයේ සිට සියලුම උපසම්පදා සහතික පිටපත් හා 2005 වර්ෂයේ සිට සියලුම සාමණේර ලියාපදිංචි සහතික පිටපත් මේ යටතේ ලබාදීම සිදු කෙරේ. ඊට පෙර වර්ෂවලට අදාළ සහතික මේ වන විට දත්ත පද්ධතියට ඇතුළත් කරමින් පවතින අතර, එම සහතික ද ඉදිරියේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් ලබා ගැනීමට හැකි වේ.