Print this Article


පටාචාරා ථේරීගාථා

පටාචාරා ථේරීගාථා

මානවකයෝ නගුලින් කුඹුර සා භූමියෙහි බිජු වපුරන්නාහු අඹුදරුවන් පෝෂණය කරමින් ධනය ලබත්.

සිල්වත් ව, ශාස්තෘන් වහන්සේගේ ශාසනයට අනුලොම් ව කම්මැළි නොවී, සංසුන් සිතැති, උඩඟු නොවූ මම කවර හෙයකින් නිවන පසක් නො කරම් ද?

පා සේදීම පිණිස තුන්වරක් දිය නැමූ කල්හි උස් බිමෙන් පහළට ගලා ආ දිය දැක, මම එය භාවනා නිමිත්තක් කරගතිමි.

අනතුරුව භද්‍ර වූ ආජානීය අශ්වයකු මෙන් මගේ, සිත විදර්ශනා සමාධියෙන් සමාහිත කෙළෙමි. ඉන්පසු පහනක් ගෙන විහාරයට පිවිසියෙමි.

පහන් එළියෙන් සයනය දැක ඇඳෙහි හිඳගතිමි. ඉක්බිති ඉදිකටුවෙන් පහන් තිරය තෙලට ඇද්දෙමි. එවිට පහන නිවුනාක් මෙන් සිත ද කෙලෙසුන්ගෙන් මිදුණේ ය. (සිත ද නිකෙලෙස් විය)

මෙසේ පටාචාරා තෙරණිය

ගාථා කීවා ය.