Print this Article


සිතට කරදර කුමටද?

සිතට කරදර කුමටද?

වනාන්තරයකට යන්න. එහි සම්පූර්ණ ඇද කුද නැති ගසක් සොයන්න. හරි කෙළින් තිබෙන, අතුපතර පැතිරුණු, අංග සම්පූර්ණ ගසක් තිබේදැයි බලන්න. අතුපතරින් යුත්, කිසිම ඇදක් කුදක් නැති අංග සම්පූර්ණ ගසක් ඔබට වනාන්තරයක දී නම් හමුවෙන්නේ නැහැ.

හැම ගහක් ම වක ගැසුණු, නැමුණු, අතු හැළුණු, කොළ ඇති ගසකි. හැම ගහකම අඩුපාඩුවක් තිබේ. මිනිසුන් දෙස බලන්න. සමහරු කුදුයි. සමහරු මහලුයි. මේ විදිහට ඔබ අතර ද ඇත්තේ වෙනස්කම් ය. මිනිසත් බව පියකරු වන්නේ, අංග සම්පූර්ණ වන්නේ ඒ නිසයි. පරිපූර්ණත්වය යනු කුමක්දැයි තේරුම් ගත් විට ඔබ තවදුරටත් වැරදි සිදුවීම් ගැන හිත් කරදර කර ගන්නේ නැහැ. එවිට හිතේ සාමය ඇති වෙනවා. හිත් තැවුල්, කාංසාවන් ඇති වෙන්නේ නැහැ. සියලු ම සිත් කරදර යනු ජීවිතයේ පරිපූර්ණත්වය කුමක්දැයි වටහා නොගැනීම නිසා ඇති වූ ඒවා ය. වැරදීම් යනු ජීවිතයේ කොටසක් බව තේරුම් නොගැනීම නිසා ඇති වූ ඒවා ය. වැරදීම් මග හරින්න එපා. ඒවා සතුටෙන් බාර ගන්න. ජීවිතයේ කොටසක් ලෙස සලකන්න. ඔබේ අනාගතය පිළිබඳව කුමක් සිදුවූවත් ඔබ කළ යුතු වන්නේ එළඹුණ මොහොත, උදා වූ මේ මොහොත, ජීවිතය ඔබට දුන් ඕනෑම දෙයක් උපයෝගී කරගෙන යහතින් ගත කිරීමයි. ඒ මගින් ඔබේ ජීවිතය තුළින් ඔබට කළ හැක්කේ කුමක්දැයි දැන කියා ගන්න පුළුවන්. කුණුකසළවලින් වූවත් කළ හැකි දේ විශිෂ්ට බව තේරුම් ගන්න. ජීවිතය කුමක් දුන්නත් ඔබට එයින් යමක් කළ හැකියි. හරියට කුණු කසළවලින් ලස්සන වීණාවක්, සෙලෝවක් නිර්මාණය කරන්න පුළුවන් වගෙයි.