Print this Article


ජාතික වීර ගුණ සමරු උළෙලක්

ජාතික වීර ගුණ සමරු උළෙලක්

ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනම හා ඊට අනුබද්ධිත ජාතික වීර ගුණ සමරු සංවිධානය 50 වැනි වරටත් පවත්වනු ලබන ජාතික වීර ගුණ සමරු උළෙල මෙවර ගාල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන හා අමුගොඩ මහා විද්‍යාලය කේන්ද්‍රකරගෙන පැවැත්වීමට කටයුතු යොදා ඇත. 1815 මාර්තු 02 වැනිදා මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී ඉංගී‍්‍රසින් හමුවේ අභීතව නැගී සිටි වාරියපොළ ශ්‍රී සුමංගල නාහිමියන් අනුස්මරණය කරන මාර්තු (02) දා ජාතික වීර දිනය ලෙස සලකා දම්පල් පදනම එම සමරු උත්සවය සංවිධානය කර ඇත. මැටිවිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙන් මහා විහාරාධිපති මැටිවිලිය ශ්‍රී මේධානන්ද විද්‍යාලයේ විදුහල්පති අක්මීමන ධම්මකිත්ති හිමියන්ගේ අනුශාසකත්වයෙන් මාර්තු (01) දා උදේ 9.00 ට එම ගුණ සමරු පින්කමේ ප්‍රථම වැඩසටහන පැවැත්වේ. මෙදිනම සවස 2.00 ට හිඹුටුගොඩ ශ්‍රී බෝධිරාජාරාමාධිපති ගලේවෙල බෝධිසීහ හිමියන්ගේ සංවිධායකත්වයෙන් ගුණසමරු වැඩසටහනත් එම විහාරයේදී පැවැත්වේ. මෙදින සවස 4.00 ට පිටිගල ගංගාතිලක පිරිවෙන් මහා විහාරාධිපති පොල්දුගොඩ රේවත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ගුණ සමරු උත්සවයක්ද පැවත්වෙන අතර ජාතික වීරවරයන් පිළිබඳ විශේෂ දෙසුමක් ද පැවැත්වේ.