Print this Article


මහියංගණ සෑ රදුන් අබියස අසූ මහා ශ්‍රාවක පූජාවක්

මහියංගණ සෑ රදුන් අබියස අසූ මහා ශ්‍රාවක පූජාවක්

ඓතිහාසික මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස දී පෙබරවාරි 29 වන සෙනසුරාදා සවස 4.00 සිට අසූ මහා ශ්‍රාවක පූජාවක් සහ කංචුක පූජාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඓතිහාසික මහියංගණ රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පොල්ගස්ඕවිට දික්හේන ආරණ්‍ය සේනාසනවාසී ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද දිගන සුගතවංස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරණ්‍ය සේනාසනවාසී ස්වාමින් වහන්සේලා එම පින්කම් මෙහෙයවනු ලැබිණි.