Print this Article


ඔලබොඩුවේ ධම්මික හිමියෝ සංඝ නායක පදවි ලබති

ඔලබොඩුවේ ධම්මික හිමියෝ සංඝ නායක පදවි ලබති

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක මහා ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව මගින් ඉතාලිය මිලානෝ ලංකාරාමාධිපති, හොරණ ගෝනපොල ඔලබොඩුවේ රජ මහා විහාරයේ භාරකාර ඔලබොඩුවේ ධම්මික හිමියන් වෙත, සද්ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය යන ගෞරව නාමය සහිත බස්නාහිර පළාතේ කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය පිරිනමා ඇත.

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මල්වතු මහා විහාරයේ දී ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය පෙබරවාරි 27 වනදා සිදු කෙරිණි.

අභිනව නාහිමියන් වෙත ආශිර්වාද පළකිරීමේ මහෝත්සවය මැයි මස 6 වනදා තෛ‍්‍රනිකායික මහානාහිමිවරු සහ අනුනාහිමිවරු ප්‍රමුඛ මහා සඟරුවනෙහි වැඩමවීමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඔලබොඩුව රජමහා විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.