Print this Article


පහන් සිතක කවි

සසරෙන් එතෙර වෙමු

රාගය නමැති ගින්නට අසුවී දැවෙන
තණ්හා දෝෂ මෝහෙන් අඳවී දුවන
හිස් මිනිසුන්ගෙ රුදු ගති උදුරා දමන
දිනයක් උදාවේදෝ කවදා කොතැන

කරදර විපත් සිහිකර මේ ලෙස නිතර
කෙටි කර ගත නොහේ මේ බියකරු සසර
ගොර මර සෙනග බියකර හැරදා කතර
වෙර විරි යොදා පිහිනමු සයුරෙන් සසර

****

අකුසලය

පින් දහම් නොකරන අය
සිල් පද නොරකින අය
පව් කම් කරන අය
සතර නිරයට ඇදෙති ඒ අය

බුදු බණ අසන විට
පිනක් වෙයි හැම විට
පන්සිල් නොරකින විට
පවක් වෙයි හැම විට

****

නාලාගිරි අකුණු සැරය

නාලාගිරි ඇත්තම
බුදුරදුන් ඉදිරියට
පිම්මේ හඹන්නේ ය
ඇතුගේ රුදුරු බව කෙතරම් ද?
ඇත් කඳ වගේ ම තද කලු ගලක්ම විය
යදණ්ඩකින් තඩි බෑ
ඝණ්ඨාවක් සේ
රළු මතැත්හු
මහ පොළොවෙහි අනුරාව නැංවූහ
නාලාගිරි අකුණු සැරය
නුවර පුර පවුරු පදනම් දොරටු බිඳලා
නැගී ආ සුනාමී උදම් රළක් සේ විය
නමුත් බුදුහිමි තවමත් එහි
සන්සුන් ගමනේ ම වඩිති

****

බුදු සමිඳේ

ශ්වේත වර්ණ රශ්මි මාලා
දසත හමන බුදු දම්
කිරි සයුරේ කිමිදි කිමිදි
ලොව සම කරුණා
සතර දෙසින් හමා
මහ කුණාටුවක් ලෙසට
ගෙවෙනා බියකරු සසර
නවතන ලොව
එකම සුවය
දෙසා වදාළහ බුදු සමිඳේ

****

රහතන් වහන්සේ

පින් පව් රැස් නො කොට
අහර දැන ඒ තුන් කොට
නිවනම ඇසුරු කොට
වෙසෙති රහතුන් උපත නැති කොට
කුණයන් සරන සඳ
ඉගිල ගිය මං සොයනු බැරි මෙන
සිත කය වචන යන
තිදොර සංවර කරගෙන
දුසිරිතෙන් වෙන් වුණ
රහත් උතුමන් වඳිමු දෝතින

****

වඳිමි හිමි පා යුග

සියපත පිපී එන සේ ලොව සුවඳ දෙමින්
සම්බුදු කිරණ විසිරේ සිත් පුබුදු වමින්
ලෝ සත වෙතට පෑ කරුණා ගුණය දරන්
සදහම් සුවය දුන් සමිඳුනි වඳිමි බැතින්