Print this Article


ශාසනයේ උන්නතියට භික්ෂුවගේ කාර්ය භාරය ශාසනයේ උන්නතියට භික්ෂුවගේ කාර්ය භාරය

ශාසනයේ උන්නතියට භික්ෂුවගේ කාර්ය භාරය

මෙම ලිපියෙහි 06 වන කොටස නවම් පුර පසළොස්වක පෝදා (පෙබරවාරි 08) පත්‍රයෙහි පළවිය.

දැනට පවත්නා ආරාමික හා පාරිවේණික ක්‍රියා පටිපාටිය තුළ සසුනෙහි නවකයාට ආධ්‍යාත්මික මග පෙන්වීමක් විද්‍යමාන නොවේ. ඒ සඳහා සෑහීමට පත්විය හැකි පූර්වාදර්ශයක් සැපයීමට ස්ථවිර පක්‍ෂය සමත් වී ඇති බවක් ද නො පෙනේ. මේ තත්ත්වය අද ඊයේ නොව, සියවස් ගණනක් තිස්සේ වර්ධනය වූවකි. සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාග, පටිඝ රූපරාග, අරූපරාග, මාන, අද්ධච්ච, අවිජ්ජා යන සංයෝජන සහිත පුද්ගලයාට ප්‍රතිපදාවෙන් තොරව බඹසර විසිය හැකි නො වේ. දර්ශනයෙන්, චරණයෙන් තොර සසුන් බඹසර දුක්ඛිත විහරණයකි. අද වනවිට අත්‍යවශ්‍යයැයි බොහෝ දෙනා සිතන සැපපහසු ආරාම, උගත්කම්, පදවි, තනතුරු, ගරුනම් සපුරා ගැනීමෙන්, සසුනේ සුරක්‍ෂිත බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරවා ගැනීමෙන්, පිරිවෙන් අධ්‍යාපනය පාසල් කළමණාකරණයට ලඝු කිරීමෙන්, අමාත්‍යංශ කළමනාකරණයකට සසුන නතු කිරීමෙන් ශාස්තෘන් වහන්සේ බලාපොරොත්තු වූ ශාසන උන්නතියක් උදාවන්නේ නැත.

වත්මන් ශාසනික කළමනාකරණය යට කී සංයෝජන බලගතු වීම පිණිස විනා ආධ්‍යාත්මික අභ්‍යුදය පිණිස වේ යයි සෑහීමට පත්විය නො හැකි ය.