Print this Article


කරපික්කඩ ජිනරතන හිමියන්ගේ ජන්ම සමරුවට පින්කම්

කරපික්කඩ ජිනරතන හිමියන්ගේ ජන්ම සමරුවට පින්කම්

ගම්පහ අස්ගිරිය පුරාණ ගල්ලෙන් රජමහා විහාරයේ දී පින්කම් මාලාවක් ඇතුළු සමාජ සත්කාරක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ. පෙබරවාරි 19 වන දා ඇරැඹි එම පින්කම් මාලාව මෙම මස 23 වන දා දක්වා පැවැත්වේ. විහාරාධිපති කරපික්කඩ ජිනරතන හිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් ඉකුත් 19 වන දා අටවිසි බුද්ධ වන්දනාව ඇතුළු මහසඟරුවන වෙත ගිලන්පස පූජාවක් ද සිදුකෙරිණි. 23 වන දා ලේ දන්දීමේ පින්කම ද සිදු කෙරේ.