Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි වකුගඩු ආබාධයකට ලක්වූ ඩී.කේ. රත්නසිරි (අවු. 50) වසර 2 ක පමණ කාලයක සිට කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මියගෙන් ප්‍රතිකාර ලබා ගන්නා බව කියයි. වකුගඩු දෙකම අක්‍රීය තත්ත්වයේ පවතින බැවින් සතියට දෙවරක් රුධිර කාන්දු කරණය සිදු කරනු ලබන ඔහුට හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව ද වෛද්‍ය නිර්දේශය වී ඇති බව ද කියයි.

ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන අතර දෛනික වැඩ කරමින් ජීවත්වන ඔහුට දරුවන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය වියදම් ද, ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය වියදම් ද දරා ගැනීම මහත් දුෂ්කර කාර්යයක් වී ඇති බව කියයි. එබැවින් ඔහුට අවශ්‍ය “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබා දීමට කැමැති පින්වත් අයෙකු වේ නම් සහ ආධාර උපකාර කිරීමට කැමති අයෙකු වේ නම් ගිණුම් අංක 3390028 (ලංකා බැංකුව අකුරැස්ස) 213/ ඩී, ගල්මුල්ල, මලිදුව, අකුරැස්ස ලිපිනයට හෝ දුරකථන අංක 0777 826247, 077 255 35 87 වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.