Print this Article


දහම් පාසල් පෙළ පොත් දිසා මට්ටමින් මුද්‍රණය කිරීමේ සැලසුමක්

දහම් පාසල් පෙළ පොත් දිසා මට්ටමින් මුද්‍රණය කිරීමේ සැලසුමක්

දහම් පාසල් පෙළ පොත් දිස්ත්‍රික් මට්ටමින් මුද්‍රණය කර බෙදා හැරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇත. ඒ හරහා දරු දැරියන්ට නිසි වේලාවට පෙළපොත් ලබා දීමට හැකිවන බවත්, රජයට ප්‍රවාහන ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් අඩු කර විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වන බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි. දෙපාර්තමේන්තු ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මේ සම්බන්ධව කරුණු ගෙන හැර දැක්වීමෙන් පසුව ඒ සම්බන්ධ ව සොයා බලා තමාට දන්වන ලෙස අග්‍රාමාත්‍යවරයා කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දුන්නේ ය.

සිසු දරු දැරියන්ට නිසි වේලාවට පෙළ පොත් ලබා දීමට හැකි ක්‍රමවේදයක් ඇත්නම් එය ක්‍රියාත්මක කරන මෙන්ද එසේ වුවත් ප්‍රමිතිය සම්බන්ධ ව වඩාත් අවධානය යොමු කළ යුතු බව ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ ය. දිස්ත්‍රික් මට්ටමින් මුද්‍රණය කළ ද එකම විෂය නිර්දේශය ඇතුළත් වන අතර ඒ සඳහා පෙළ පොතේ සංයුක්ත තැටි සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදීමට හැකි බව ද කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී අග්‍රාමාත්‍යවරයා හමුවේ දැනුම් දුන්නේ ය.