[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණී රාජ මහා විහාරය

නවම් පෝදා පෙරවරු 06.00 - 06.30 සීල සමාදානය ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 06.30 - 07.00 උදෑසන බුද්ධ පූජාව , 08.00 - 09.00 භාවනා වැඩසටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 09.00 - 10.00 පෙරවරු ධර්ම දේශනාව අතුරුගිරියේ සුබෝධ හිමි, 10.00 - 11.00 ධම්ම පදයෙන් බිඳක් කොලොන්නාව පුරාණ විහාරවාසී, කොළඹ අශෝක විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 12.15 - 02.00 සීල භාවනා සමිතිය 2.00 - 3.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 03.00 - 04.00 පස්වරු ධර්ම දේශනාව බණ්ඩාරවෙල සාරද හිමි, 04.00 - 05.00 ධර්ම සාකච්ඡාව, 05.00 - 06.00 භාවනාව මෙහෙයවීම ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 06.00 - 07.00 ගිලන්පස බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 07.00 - 08.00 සන්ධ්‍යා ධර්ම දේශනාව කැලණියේ සීලදස්සන හිමි.

කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලය මගින් බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන ආගමික වැඩසටහන් මාලාව මෙසේ ය.

පෝදා පෙරවරු 06.00 - 07.00 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම, ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ මහෝපාධ්‍යාය, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහා ලේඛකාධිකාරී, රාජකීය පණ්ඩිත දර්ශනපති බලපිටියේ සිරි සීවලී හිමි, 07.30 - 09.45 ධර්මදේශනාව, බලපිටිය ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ රාජකීය පණ්ඩිත උපාධි අපේක්ෂක පයාගල සුමනසාර හිමි, 10.00 - 11.00 ධර්ම දේශනාව බලපිටිය ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ රාජකීය පණ්ඩිත උපාධි අපේක්ෂක මංගලම ධම්මකිත්ති හිමි, පස්වරු 01.00 - 02.45 ධර්ම දේශනාව බලපිටිය ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ රාජකීය පණ්ඩිත උපාධි අපේක්ෂක හිපන්කන්දේ පඤ්ඤාසාර හිමි, 03.00 - 04.30 ධර්ම දේශනාව බලපිටිය ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ රාජකීය පණ්ඩිත උපාධි අපේක්ෂක මොණරාගල කිවිෂ්වර හිමි, 06.15 - 07.00 පූජ්‍ය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ පැවැත්වූ බෝධි පූජාව (පටිගත කරන ලද) 07.10 - 08.30 ධර්මදේශනාව ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව, 08.45 සතිපට්ඨාන දේශනය ගල්කිස්සේ සමාහිත හිමි.

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනාව, 11.00 -11.30 තෙරුවන් වන්දනාව පෙරවරු වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි. පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනාව 1.00 - 2.00 ධර්ම දේශනය බැදිගමුවේ අබේතිස්ස හිමි, 2.00 - 3.30 ධර්ම දේශනය තිස්සමහාරාමයේ නන්දවිමල හිමි, 4.00 -5.00 ධර්ම දේශනය පොත්තේවෙල විනීත හිමි, 5.00 - 6.00 ධර්ම දේශනය බුත්තල ධම්මදස්සි හිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ පූජාව පැවැත්වීම.

මහනුවර තරුණ බෞද්ධ සංගමය

පෝදා පෙරවරු 06.45 - 07.30 අටසිල් සමාදන් කරවීම, බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව මහනුවර, අස්ගිරි මහා විහාර පිරිවෙන් විහාරවාසී, වීරවිල පුණ්‍යරතන හිම්, 08.30 - 10.30 ධර්මානුශාසනාව හා භාවනාව කුණ්ඩසාලේ මහමෙවුනා භාවනා අසපු විහාරාධිපති, නාලන්දේ පවර හිමි, 10.30 - 11.30 දවල් බුද්ධ පූජාව මහනුවර අස්ගිරි මහා විහාර පිරිවෙන් විහාරවාසී කරල්ලියද්දේ සුමනසිරි හිමි, පස්වරු 12.30 - 01.30 ධර්ම සාකච්ඡාව මයිලපිටිය ආනන්දාරාම විහාරවාසී, අලුත්ගම පඤ්ඤාසාර හිමි, 01.30 - 02.30 ධර්මානුශාසනාව මහනුවර, වට්ටාරන්තැන්න, සමාධි සංස්කෘතික කේන්ද්‍ර විහාරවාසී, රාජකීය පණ්ඩිත අත්තරගම හිමි, 03.00 - 04.15 ධර්මානුශාසනාව හා සිල් පවාරණය පැණිදෙණිය භාරතීය පිරිවෙණේ නියෝජ්‍ය පරිවේනාධිපති කොළඑළියේ සුදස්සී හිමි.

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරය

ඓතිහාසික අනුරාධපුර මහා විහාරයේ නවම් පොහෝ දින දාන, සීල,භාවනා වැඩසටහන අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම නවම් පෝදා පෙරවරු 06.00 සිට පස්වරු 06.00 දක්වා මහා විහාරයේ සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ. නවම් පුන් පොහෝ දින ආගමික වැඩසටහන බෝමළුව විහාරවාසී කුඩා ඇළගමුවේ ඥානසිරි හිමියෝ සංවිධානය කරති.

පෙරවරු 06.00 අටසිල් සමාදන්වීම, 06.30 බුද්ධ පූජාව,8.00 ධර්ම දේශනාව. කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත දර්ශනපති විලේගොඩ සිරිවිමල හිමි, 09.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම, 09.15 ගිහි දේශනය, ප්‍රවීණ පුවත්වත් කලාවේදී ආචාර්ය තිඹිරියාගොඩ බණ්ඩාර මහතා,10.30 බුද්ධ පූජාව දවල් 12.00 ජාතක කතා දේශනාව, භාණක රාජකීය පණ්ඩිත අංකුඹුරේ රේවත හිමි, පස්වරු 01.00 ධර්ම දේශනාව මහා විහාර පිරිවෙනේ පරිවේණාධිපති දර්ශනපති වැල්ලගිරියේ සීලසුමන හිමි, ,02.00 ධර්ම දේශනාවට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරිම, . 02.45 දම්සභා මණ්ඩපය

සහභාගිත්වය – විලේගොඩ සිරිවිමල හිමි, ශාස්ත්‍රපති වඩුගේ කරුණාරත්න මහතා, සම්පත් රුවන් බණ්ඩාර මහතා, 04.00 භාවනා වැඩසටහන, මෙහෙයවීම, ශාස්ත්‍රපති ඉපලව පේමානන්ද හිමි, 05.00 බෝධි පූජාව – මෙහෙයවීම, ශාස්ත්‍රපති කෙහෙල්වල රේවත හිමි, 05.55 සිල් පවාරණය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ - වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෝදා පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ජර්මනියේ වජිරාරාමාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත තල්පාවිල කුසලඤාණ හිමි. 08.00-09.00 භාවනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 09.00-10.00 සූත්‍ර දේශනාව , වැලිමඩ පසන්න මානස හිමි, 10.00-11.00 ධර්ම දේශනාව – කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රවේදී පණ්ඩිත වේපතඉර හේමාලෝක නාහිමි, 11.00-11.15 බුද්ධ පූජාව තඹුත්තේගම සාරද හිමි ඔරුවල සුධීර හිමි, පස්වරු 12.15-12.20 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව , 12.20-01.00 පිරිත් හා තෙරුවන් ගුණ මීගොඩ මධුභානී හිමි, රුහුණු දනව්වේ විමලමූර්ති හිමි, 01.00-2.00 ධර්ම සාකච්ඡාව වජිරාරාමවාසී ශාස්ත්‍රපති වේරදූවේ මහින්ද හිමි, 02.00-03.00 ධර්ම දේශනාව, –කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති උඳුගොඩ සිද්ධත්ත හිමි, 03.00-03.45 ධර්ම දේශනාව පිලියන්දල කොටවෙහෙර පුරාණ විහාරවාසී ත්‍රිපිටකාචාර්ය හඳපාන්ගොඩ ධම්මරංසි හිමි, 04.00-05.00 ධර්ම දේශනාව මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය උඩහමුල්ල පඤ්ඤෝධාරාම වාසී ශාස්ත්‍රපති උලහිටියාවේ විභාවී හිමි, 05.00-06.00 ධම්මපදය – රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පානදුරේ පසන්න හිමි, 06.00-06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම , මෙහෙයවීම, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි,

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ - තරුණ සීල සමාදාන පින්කම

නවම් පෝදා පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, 8.00 - 9.00 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව නාවින්න ජයතුංග යෝගාශ්‍රමාධිකාරී හැඳල දමිත හිමි. 10.00 - 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ලග්ගල අසම හිමි, පස්වරු 12.25 - 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අයගම සමිත හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 - 3.00 වෙසෙසි දෙසුම රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා, 3.00 - 4.00 ධර්ම දේශනාව කොළඹ දිස්ත්‍රික් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 4.15 - 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 - 6.00 ධර්මදේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මා හිමි.

බම්බලපිටියේ සිරි වජිරාරාමය

පෝදා පෙරවරු 06.00 - 07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහා නා හිමි, 08.00 - 09.00 ධර්මානුශාසනාව වෙහෙරකැලේ සද්ධාලංකාර හිමි, 09.00 - 10.00 භාවනාව, අනුශාසනාව, සිරි වජිරාරාමවාසී බණ්ඩාරවෙල ඤාණරුචි හිමි, 10.00 - 11.15 ධර්මානුශාසනාව හා බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි, පස්වරු 12.30 - 01.15 සතිපට්ඨාන සූත්‍ර දේශනාව, සිරි වජිරාරාමාධිකාරී සිරි වජිරාරාම දහම් පාසලේ අධ්‍යක්ෂක කඹුරුගමුවේ මහානාග හිමි, 01.15 - 02.30 ධර්ම සාකච්ඡාව සිරි වජිරාරාම දහම් පාසල් ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී මීගොඩ සුඛිත හිමි, 03.00 - 04.00 භාවනාව හා අනුශාසනාව සිරිවජිරාරාමාවාසී පිටිපන සාසනරතන හිමි, 04.00 - 05.00 ගිහි දේශනය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජේ.බී. දිසානායක මහතා, 05.00 - 06.00 ධර්මානුශාසනාව කොළඹ මහානාම විදුහලේ ආචාර්ය ශාස්ත්‍රපති සියඹලාගොඩ ධම්මින්ද හිමි, 06.00 - 06.30 අටවිසි බුද්ධ වන්දනාව හා සිල් අලුත් කිරීම, සිරි වජිරාරාමවාසී ස්වාමීන්වහන්සේලා.

ශ්‍රී සම්බෝධි විහාරය

පෝදා පෙරවරු 5.30 - 6.00 කිරි ආහාර බුද්ධ පූජාව, සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ බොරලන්දේ වජිරඤාණ හිමි, 8.00 - 9.00 ධර්ම දේශනාව ගලිගමුවේ ඤාණදීප හිමි, 09.15- 10.15 ධර්ම දේශනාව අගලකඩ සිරිසුමන හිමි, 10.30 - 11.00 ව්‍යාංජන 108 කින් යුත් දවල් ශ්‍රී සම්බුද්ධ පූජාව අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 - 2.00 පෝදා සදහම් පිළිසඳර ධර්ම සාකච්ඡාව රදාවඩුන්නේ ඤාණවිමල හිමි, ලේල්වල අරියධම්ම හිමි, මෙහෙයවීම නීතීඥ ශෂික ජයතිලක මහතා, 2.00 - 3.00 ධර්ම දේශනාව කහගොල්ලේ සෝමවංශ නාහිමි, 3.30 - 4.30 ධර්ම දේශනාව නීතියගම චන්දිම හිමි, 04.30 - 05.30 ධර්ම දේශනාව හඟුරන්කෙත චන්ද්‍රරතන හිමි, 05.30 - 6.00 මහා ඖෂධ පූජාව, සහ සිල් පවාරණය මෙහෙයවීම ගම්පහ මහානාම හිමි.

හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී නවම් පෝදා පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන, සීල, භාවනා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රාශියක් පැවැත්වීමට වීතදෝෂි සමිතිය, දායක සභාව, කාන්තා සමිතිය හා ධර්මාශෝක දහම් පාසල කටයුතු යොදා ඇත.

එම වැඩසටහන් විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි දේවගොඩ පියරතන, බුත්කන්දේ රතනජෝති, ගොමඩියේ චනද්‍රරතන, ඇලපිටිවල නන්දවිමල , ගල්කිස්සේ ධම්මිස්සර, ලෝලුගස්වැව සුමනවංස යන හිමිවරුන්ද ගාල්ලේ සුධම්මචාර දසසිල් මාතාවද වැඩසටහන් වලට වැඩම කිරීමට නියමිත ය.

තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෝදා පෙරවරු 05.30 ක්ෂීරපායාස බුද්ධ පූජාව, 6.00 සීල සමාදාන හා ධර්මානුශාසනාව මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 - 9.00 ධර්මදේශනාව මීරහවත්තේ පඤ්ඤාසිරි හිමි,, 9.00 - 9.30 භාවනාව මීරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 9.30 - 10.30 ධර්ම දේශනාව පුහුල්වැල්ලේ සාරද හිමි, 10.30 - 11.00 දෙතිස් ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව, පස්වරු 12.15 - 1.00 ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාව 1.00 - 2.00 ධර්ම දේශනාව උඩුදුම්බර කාශ්‍යප හිමි, 2.00 - 3.00 ධර්ම දේශනාව වජිරාරාමවාසී ඛේමින්ද හිමි, 3.30 - 5.00 ධර්ම සාකච්ඡාව මහකෙලියේ ලොකු ස්වාමීන් වහන්සේ සමග මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 5.00 පුණ්‍යානුමෝදනාව, කරණීය මෙත්ත සූත්‍ර දේශනාව සහ සිල් පවාරණය, 6.00 ඖෂධ 108 සහිත ගිලන්පස සම්බුද්ධ පූජාව සහ ධාතු වන්දනාව.

තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයේ නවම් පුන් පොහෝ දින අලුයම 05.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 - පස්වරු 6.00 දක්වා සීල, භාවනා සහ ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 - 9.00 දහම් දෙසුම පිටිපන පඤ්ඤාවාස හිමි 9.30 -10.30 දහම් දෙසුම පනාපිටියේ ජිනරතන හිමි 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.00 - පස්වරු 12. 30 ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය 1.00 - 2.00 භාවනා වැඩසටහන මෙහෙයවීම මිහින්තලේ කළුදිය පොකුණේ ආරාමවාසී තපෝවනේ අරියධජ හිමි, පස්වරු 2.30 - 3.30 මහරගම ධර්මායතනවාසී මතුගම ශාන්තසිරි හිමි 4.00 - 5.00 දහම් දෙසුම ගංගොඩවිල පඤ්ඤෝධාරාමවාසී වල්ගම සුමන හිමි සවස 6.00 සිට මල්, පහන්, ගිලන්පස, අටවිසි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් ද පැවැත්වේ. සුපුරුදු පරිදි මෙම නවම් පුර පසළොස්වක පොහොය දිනයෙහිදී ද සිල්වත් පිරිස අතර ධර්ම දානයක් වශයෙන් බුදුසරණ පත්‍රය බෙදා දෙනු ලබන්නේ සුනීතා පීරිස් මහත්මියගේ අනුග්‍රහයෙනි.

සේරුවිල මංගල රජමහා විහාරය

සේරුවිල මංගල රාජමහා විහාරයේ දී විහාරාධිපති නැගෙනහිර - තමන්කඩු දෙපළාතේ ප්‍රධාන සංඝනායක මංගල ධර්මකීර්ති ශ්‍රී මුංහේනේ මෙත්තාරාම නා හිමියන්ගේ ආශීර්වාදයෙන්, මාතර, කැකණදුර,පරවාහැර සීල සමාදාන සදහම් චාරිකා කමිටුව මගින් රටටත්, ජනතාවටත් ආශීර්වාද හා සෙත් ශාන්ති ප්‍රාර්ථනා කිරීම සඳහා කප්රුක් පුජා, කිරිපිඬු පූජා, දෙතිස් ව්‍යාංජන සම්බුද්ධ පූජා, ඖෂධ ගිලන්පස පූජා, ශබ්ද පූජා, මුතුකුඩ, පතාක පූජා පින්කමක් නවම් පෝදා පැවැත්වේ. මාතර, කැකණදුර, පරවාහැර සීල සමාදාන සදහම් චාරිකා කමිටුව නම වෙනිවරට සිදුකෙරෙන එම මහා පුණ්‍ය කර්මයේ දී උවැසියන් දහසකට ආසන්න පිරිසක් සීල සමාදානයෙහි යෙදෙති.

බම්බලපිටිය වජිරාරාම ළමා සීල සමාදාන පින්කම

පෝදා පෙරවරු 08.00-08.45 සීල සමාදානය සහ අනුශාසනාව සිරි වජිරාරාමාධිකාරි කඹුරුගමුවේ මහානාග හිමි, 8.45-09.30 භාවනාව ඉන්දිරා ආරියරත්න මහත්මිය, 09.45-10.30 ගිහි දෙසුම, බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාරිණි උදේනි අමුණුූගම මහත්මිය. 10.30-11.15 දහම් කතාව සහ බුද්ධ පූජාව, සිරි වජිරාරාමවාසී බෙලිඅත්තේ විමල හිමි,

පස්වරු 12.30-1.00 සෙත් පිරිත් සජ්ඣායනාව , සිරි වජිරාරාමවාසී ඇඹිලිපිටියේ චන්දිම හිමි, සිරි වජිරාරාමවාසී දියතලාවේ මෙත්තෙය්‍ය හිමි, 1.00-2.00 ධර්මානුශාසනාව, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනවාසී, ගබ්බෙල වජිර හිමි, 02.30-4.00 දහම් පිළිසඳර, සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය මීගොඩ සුඛිත හිමි , වරාය සහ නාවික කටයුතු අමාත්‍යංශයේ ලේකම්, සිරි වජිරාරාම දහම් පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්ය පි‍්‍රයන්ත මායාදුන්නෙ මහතා

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය

සීදුව රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ දී නවම් පුරපසළොස්වක පොහොය දින විහාරාධිපති, විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති, කටාන - මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස නා හිමියන්ගේ මෙහෙයවීමෙන් විහාරස්ථ දායක සභාව, ප්‍රජාපතී කුළඟණ සමිතිය හා විහාරස්ථ ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ සංවිධානයෙන් පින්කම් මාලාවක් පැවැත්වේ.

අලුයම 5.00 ට කිරි ආහාර පාත්‍ර 32 ක් පුජා කිරීම ද උදෑසන 6.00 අෂ්ඨාංග උපෝසථ සීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව සීදූවේ සුමනවංස නාහිමි, ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, 8.00 - 9.00 ධර්ම දේශනාව කැලණිය මානෙල්වත්ත නාගානන්ද විශ්වවිද්‍යාලයේ නැදගමුවේ සෝම හිමි, 9.00 - 10.45 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක පි‍්‍රයදර්ශන, ධර්මාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ඒ.එන්. ඉන්ද්‍රසේකර, ධර්මාචාර්ය අනුර සිරිමාන්න, ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩා, ධර්මාචාර්ය කේ.ඒ.ඒස්.ආර්. දයානන්ද යන මහත්වරු ඇතුළු වියතුන් සහභාගී වෙති. මුල්තැන් පූජාව, පස්වරු 12.00 - 12.30 සක්මන් භාවනාව, 12.30 - 1.00 තෙරුවන් වන්දනාව හා පිරිත් සජ්ඣායනය 1.30 - 2.30 භාවනාව හා ධර්ම දේශනාව, මොණරාගල සෝමසාර හිමි, 2.45- 3.45 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී මාදූවේ කෝලිත හිමි, 4.15 - 5.15 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී ඇඹිලිපිටියේ සාරද හිමි, 6.00 නව වසරට ආශිර්වාද කිරීම සඳහා අටවිසි බුද්ධ පූජාව ආශිර්වාද පිරිත් දේශනාව රට තුළ සාමය සමඟිය, සෞභාග්‍යය උදාවේවායි ප්‍රාර්ථනා කර සැමට ආශිර්වාද කිරීම සඳහා සංවිධානය කර ඇත.

සීදූව සුගතාරාමය

සීදූව සුගතාරාමයේ දී නවම් පෝදා දවස පුරා සීල, භාවනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ බුද්ධ වන්දනාව ඇතුළු පින්කම් රාශියක් මඩුගස්තලාවේ විමලබුද්ධි නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

බළංගොඩ රාධ හිමියන්ගේ දහම් දෙසුමක්

ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද, කථිකාචාර්ය, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත බලංගොඩ රාධ හිමියන්ගේ දහම් දෙසුමක් බළංගොඩ, බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රම අරණ්‍ය සේනාසනයේ දී නවම් පෝදා පස්වරු 4.30 සිට පැවැත්වේ.

කොබවක ශ්‍රී සුමනාරාමය

නවම් පෝදා ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පෙරවරු 08.30 ට ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී පණ්ඩිත මෝල්කාවේ යසස්සි හිමි 10.00 සදහම් වන්දනාව හා දවල් සම්බුද්ධ පූජා වන්දනාව මෙහෙයවීම හොරණ ශ්‍රී අනුලාරාමවාසී ආඳළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ, සවස 01.30 භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ විසිනි. රාත්‍රී 7.00 ගිලන්පස බුද්ධ පූජා, බෝධි පූජා පින්කමක් ද පැවැත්වේ.

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]