Print this Article


මෙත්මග පදනමෙන් රුවන්වැලි මහ සෑයට දාස්පෙතියා මල් පූජාවක්

මෙත්මග පදනමෙන් රුවන්වැලි මහ සෑයට දාස්පෙතියා මල් පූජාවක්

මෙත්මග පදනම මඟින් අනුරාධපුර රුවන්වැලිසෑ මළුවේ දී අධ්‍යාත්මික වැඩසටහනක් හා එදින රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේට වන මල් බඳුන් 300 ක් පූජා කිරීම, දාස්පෙතියා මලින් ප්‍රධාන චෛත්‍ය හා පරිවාර චෛත්‍ය හතර අලංකාර කිරීම රටටත්, ජනතාවටත් ආශිර්වාද කිරීමත් ඇතුළු සීල සමාධි වැඩසටහන් රාශියක් මෙම 25 වන දා දවස පුරා සෑ මළුවේ පැවැත්වේ.

එහිදී ගිහි පිරිසක් සිල් සමාදන් කරවීමේ වැඩසටහන්ද, ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන්ට කප්රුක් 2ක් පූජා කිරීම, ගිලන්පස 108 ක් පූජා කිරීම හා ඖෂධ 108 ක පූජාව හා මාතර බෝධිය අසලින් රතන සූත්‍රය දහස් වාරයක් පිරිත් කිරීම ආරම්භ කළ අතර රුවන්වැලිසෑ මළුවේ ද පසුදා පහන්වනතුරු රතන සූත්‍රය 108 වරක් සජ්ඣායනා කිරීම හා පිරිත් පැන්, පිරිත් නූල් ලබා දී ලැබුවා වූ නව වසරට ආශීර්වාද සිදුකිරීමට කටයුතු යොදා ඇත.