Print this Article


සෙත් පතා පින්කම්

සෙත් පතා පින්කම්

උදා වූ නව වසර ලක්වැසි සැමට, ආරක්ෂක හමුදාවන්ට, ලෝකවාසී සැමට සෙත්පැතීමත්, ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනිවලින් විපතට පත්වූ සැමට පින් අනුමෝදන් කිරීමත් අරමුණින් සිදුකළ විශේෂ පින්කමක් පසුගියදා ඓතිහාසික සෝමවති පුදබිමේ දී පැවැත්විණි. එම පින්කම යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජනරාල් රසික ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත බෝධි පූජාවක්ද සංවිධානය කර තිබිණි. එම මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් සමන්ත සිල්වා, බ්‍රිගේඩියර් (පාලන) පි‍්‍රයන්ත වීරසිංහ ඇතුලු සියලුම නිලයන් හා සෙසු නිලයන්ගේ සහභාගීත්වයෙන් එම පින්කම පැවැත්විණි.

මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමත්, තුවාල ලබා තවදුරටත් ප්‍රතිකාර ලබන රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් එහිදී සිදු කෙරිණි.