Print this Article


මෙත්මුනි මහා පුණ්‍ය මංගල්‍යය

මෙත්මුනි මහා පුණ්‍ය මංගල්‍යය

මෙත්මුනි මහා පුණ්‍ය මංගල්‍යය ජනවාරි 30 - 31 මහනුවර ශ්‍රී නාථ දේවාලයේ දී හා වරකාපොළ මෙත්මුනි විහාරයේදී විසිඑක්වැනි වරටත් පැවැත්වේ.

මෛත්‍රී බෝධිසත්ත්ව ආසිරි රිය පෙරහර ජනවාරි 30 පෙරවරු 6.30 වරකාපොල මෙත්මුනි විහාරයෙන් ආරම්භ වී කුරුණෑගල හරහා පස්වරු 5.30 ට මහනුවර ශ්‍රී නාථ දේවාලයට පැමිණීමට නියමිත ය. ශ්‍රී නාථ දේවාලයේ දී පස්වරු 7.00 ට විහාරාධිපති ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික ගොමගොඩ රතනසාර නාහිමියන්ගේ හා ශ්‍රී නාථ දේවාල බස්නායක නිලමේ නීතිඥ ගයාන් හීන්කෙන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ජනවාරි 31 පෙරවරු 6.30 ට රිය පෙරහර ශ්‍රී නාථ දේවාලයේ සිට කොළඹ නුවර පාරේ ගමන් කොට පස්වරු 3.00 ට මෙත්මුනි විහාරයට සැපත් වේ. එහිදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරී අමරපුර වජිරවංශ පාර්ශ්වයේ අනුනායක මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර නාහිමියන් මුලසුන හොබවන දහම් හමුව හා අභිෂේක පූජා මංගලෝත්සවය පැවැත්වෙන බව මෙත්මුනි විහාරාධිපති නින්දානේ චන්දවිමල හිමියෝ පවසති.