Print this Article


රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක අනු නා හිමි 26 වන ගුණ සමරු උළෙල

රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක අනු නා හිමි 26 වන ගුණ සමරු උළෙල

කිරුළපන ශ්‍රී පූර්වාරාමය ඇතුළු විහාර ගණයේ අධිපති 26 වසරකට පෙර අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති විද්‍යා විශාරද, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝකාභිධාන කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ අනුනා හිමිපාණන් වහන්සේ සිදුකළ ශාසනික, අධ්‍යාපනික, සාහිත්‍යමය හා සාමාජික සේවාව සැමරීමේ ගුණ සමරු උළෙලක් ජනවාරි 20 වැනි දා පස්වරුවේ කිරුළපන ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබිණි. ශ්‍රී පඤ්ඤාලෝක ධර්ම නිකේතන පිරිවෙනෙහි 21 වැනි සංවත්සරය හා ආදි කර්තෘ දිනය, වාර්ෂික ත්‍යාග ප්‍රදානය ද එම උත්සවයේ අරමුණුූ අතර වේ.

කිරුළපන ශ්‍රී පූර්වාරාමය ඇතුළු විහාර ගණයේ අධිපති පත්බේරියේ විමලඤාණ නා හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි පූර්වාරාමාභිමාණි මාතා මානෙල් වික්‍රමසිංහ මහත්මියගේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති, අමරපුර චූලගන්ඨි පාර්ශ්වයේ මහානායක ගන්තුනේ අස්සජි මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත වූ එම උත්සව සභාවේදී මහාචාර්ය දේවාලේගම මේධානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගුණ සමරු දේශනය ද කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අංශ ප්‍රධාන මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මහතා විද්වත් දෙසුම සිදුකිරීමට ද උත්සව සභාවට අග්‍රාමාත්‍යතුමාගේ පාර්ලිමේන්තු ලේකම් ජනක පි‍්‍රයන්ත බණ්ඩාර මහතා ඇතුලු සම්භාවනීය විද්වත් සමූහයක් ද සහභාගි වීමට නියමිතව තිබිණි.