Print this Article


අමුණුගොඩ කුඩුමිරිසේ රජමහා විහාරයේ වාර්ෂික පින්කම

අමුණුගොඩ කුඩුමිරිසේ රජමහා විහාරයේ වාර්ෂික පින්කම

ගම්පහ අමුණුගොඩ කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රජමහා විහාරස්ථානයේ 68 වැනි වාර්ෂික මහා පින්කම් මාලාව පසුගියදා ආරම්භ විය. 2020 ජනවාරි 01 සිට 10 දක්වා අසූමහා ශ්‍රාවක පූජා පැවැත්වූ අතර ජනවාරි 11 වන දා සිට පෙබරවාරි 12 වනදා දක්වා ධර්ම දේශනා පැවැත්වේ. පෙබරවාරි 13 වැනිදා තිස්පැය හතේ පිරිත් දේශනාව ආරම්භ වන අතර පෙබරවාරි 16 වන දා දොරකඩ අස්න සහ අනුශාසනාව පැවැත්වේ.

තථාගතයාණන් වහන්සේගේ පළමු ලංකා ගමනය අනුස්මරණය කරමින් දුරුතු පින්කම් ලෙස සිදුකෙරෙන එම පින්කම් මාලාව විහාරාධිපති සියනෑ කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක අමුණුගොඩ සෝමානන්ද නා හිමිපාණන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී ශාස්ත්‍රපති පරකන්දෙනියේ ධීරානන්ද හිමියන්ගේ සංවිධානයෙන් සිදු කෙරේ.