Print this Article


මහ රහතුන්ගේ මහා සෑයට මුල්ගල තැබීමේ උත්සවය 31 වෙනිදා

මහ රහතුන්ගේ මහා සෑයට මුල්ගල තැබීමේ උත්සවය 31 වෙනිදා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යාබදව හන්තාන කඳු වළල්ලෙන් වටවූ ඓතිහාසික පුණ්‍ය භූමියක් වන කලුගමුව ප්‍රදේශයේ මවුන්ටන් රේන්ජ් කඳුමුදුනේ පිහිටි ජේම්ස් බෞද්ධ මධ්‍යස්ථානයේ දී මහරහතුන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කර ඉදි කරනු ලබන මහ රහතුන්ගේ මහා සෑයට මුල්ගල තැබීමේ පුණ්‍යෙීත්සවය ජනවාරි 31 වන දා පැවැත්වේ. දෙස් විදෙස් ලාංකික බෞද්ධ පින්වතුන්ගේ මූල්‍යමය පරිත්‍යාගයෙන් ඉදිකරනු ලබන මහරහතුන්ගේ මහා සෑය වෙනුවෙන් නන් අයුරෙන් ද්‍රව්‍යමය සහ ශ්‍රමයෙන් දායකවීමට පින්වතුන්ට සම්බන්ධ විය හැකි බව ජේම්ස් බෞද්ධ මධ්‍යස්ථානාධිපති, යටියන්තොට චන්ද්‍රානන්ද හිමියෝ සඳහන් කරති.

පුණ්‍ය කටයුත්තට ආධාර කිරීම සඳහා විස්තර යටියන්තොට චන්දානන්ද හිමි ජේම්ස් බෞද්ධ මධ්‍යස්ථානාධිපති මවුන්ටන් රේන්ජ්, මෙගොඩ කලුගමුව පේරාදෙණිය යන ලිපිනයෙන් ලබාගත හැකි බව ද චන්දානන්ද හිමියෝ සඳහන් කර යි.