[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

125 දහම් පාසල් දිනය නිමිත්තෙන් දහම් ගුරු උපහාර උළෙලක්

125 දහම් පාසල් දිනය නිමිත්තෙන් දහම් ගුරු උපහාර උළෙලක්

125 වන දහම් පාසල් දිනය සැමරීම නිමිත්තෙන් දිවයිනේ වැඩිම, අඛණ්ඩ සේවා කාලයක් සපුරා සිටින දහම් පාසල් ගුරුවර ගුරුවරියන් වෙත සමරු තිළිණ හා සම්මාන සහතික පත් පිරිනැමීමේ උපහාර උළෙලක් පැවැත්වීමට සමස්ත ලංකා දහම් පාසල් ගුරු සංගමය විධි විධාන යොදා ඇත.

මීට අමතරව අවුරුදු 10 – 15 – 20 ආදී වශයෙන් සේවා කාල ඇති දහම් ගරුවර ගුරුවරියන් වෙත සේවා ඇගයීමේ සම්මාන සහතික පිරිනැමීමට ද පියවර ගෙන තිබේ.

125 වන දහම් පාසල් දිනය 2020 අගෝස්තු මස 03 වැනිදාට යෙදී ඇත. ඒ අනුව උපහාර සම්මාන සඳහා සුදුසුකම් ඇති දහම් පාසල් ගුªරුවර ගුරුවරියන්ගෙන් මාර්තු මස 30 වැනි දින දක්වා උපහාර අයදුම්පත් භාර ගනු ලැබේ.

උපහාර සම්මාන ලබා ගැනීමට බලාපොරොත්තු වන දහම් ගුරුවර ගුරුවරියන්ට අවශ්‍යවන අයදුම්පත් ගුරු සේවයෙහි යෙදී සිටින බවට ප්‍රධානාචාර්යවරුන්ගේ නිර්දේශය සහිත ලිපිය හා එය සනාථ කරමින් ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ස්වාමින් වහන්සේ විසින් නිකුත් කළ යුතු ලිපිය සහිත විස්තර පත්‍රිකාව ඇතුළු අවශ්‍ය ලේඛන සියල්ල ම දහම් පාසල් ගුරු සංගමයෙන් ලබාගත හැකිය.

දහම් පාසල් දිනයට සමගාමී ව උත්කර්ෂවත් අන්දමින් කොළඹදී පැවැත්වෙන සම්මානනීය සමරු උත්සවයේ දී ගුරු උපහාර සම්මාන පිරිනැමීමට කටයුතු සංවිධානය කෙරේ.

උපහාර අපේක්ෂක දහම් පාසල් ගරුවර ගුරුවරියන් ඒ සඳහා තමන්ගේ ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ දිග ලියුම් කවරයක්, පහත දැක්වෙන ලිපිනයට එවීමෙන් තැපැල් මගින් ලබා ගැනීමට පුළුවන. ගරු ලේකම්, සමස්ත ලංකා දහම් පාසල් ගුරු සංගමය, මූලස්ථාන, මල්ලිකාරාමය, දෙමටගොඩ – කොළඹ -09.

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සිකුරාදා පූර්ව භාග 07.28 ට ලබයි. 18 වනදා සෙනසුරාදා පූර්වභාග 05.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 17 වනදා
සිකුරාදා ය

මීළඟ පෝය ජනවාරි 24 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]