[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

සසර ගෙවන මග

සිත කය වචන ඔබ සෙවණේ හැසිරෙනවා
ලෝභ දෝෂ මෝහ තිදොරින් කළඹනවා
දහමින් ඔබට එහි අනතුරු අඟවනවා
දන් සිල් භාවනාවෙන් නිති රැක දෙනවා

කය වචනය සංවරයට සිල් පුරමු
බවුන් වඩා සිත දමනය හුරු කරමු
කලණ මිතුරු ඇසුරෙන් යහමග සොයමු
සදහම් මගට බැස සසරෙන් අත් මිදෙමු

මිනිසත් බව ලැබුම පෙරකම් පල සසරේ
මිසදිටු මෝහ සිතිවිලි ගෙනයයි අඳුරේ
බව කෙළවර සොයන මග නිරතුරු ඇසිරේ
සද්ධා සීල ප්‍රඥා වඩනෙමු නිතරේ

****

මගේ පිරිවෙන

මගේ පිරිවෙනේ නම මො. ශ්‍රී/ ගංගාරාම මහ පිරිවෙනයි. එය පිහිටා ඇත්තේ ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ය. මගේ පිරිවෙනේ අධ්‍යාපනය ලැබීමට වෙනත් විහාරස්ථානවලින් භික්ෂූන් වහන්සේ වැඩම කරති. මගේ පිරිවෙනේ අධ්‍යාපනය ලබාදීමට ගුරුවරු දෙළොස් දෙනෙක් සිටිති. අපට විෂයයන් ගණනාවක් උගන්වන අතර, ඒ සෑම විෂයයකටම මම කැමතියි. මම මගේ පිරිවෙනට හරිම ආදරෙයි.

****

දහම් පාසලේ වටිනාකම

දහම් පාසලෙන් අකුසල කර්ම නමැති ගණ අඳුරෙන් මිදී, කුසල කර්ම නමැති ආලෝකයෙහි ගමන් කිරීමට ඔවදන් ලබාදෙයි. එහි දී එක් දවසකට ලබන එම එක් ඔවදනක් වුව ද මුළු දිවිය ම සාර්ථක කර ගැනීමට ප්‍රමාණවත් ය. රටෙහි දරුවන්ගේ ගුණ දහම් වර්ධනය කර ගැනීමට 1895 වසරේ දී දහම් පාසල ආරම්භ කරන ලදී. සෑම ඉරිදා දිනක් ම දහම් පාසල් දිනයක් බවට පත් කිරීමට හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා මූලිකත්වය ගෙන කටයුතු කළේ ය. ගුණ දහමින් පිරිපුන් දරු පරපුරක් තැනීම උදෙසා ලාබ අපේක්ෂාවකින් තොරව, සමස්ත ශ්‍රී ලාංකික දහම් පාසල් ගුරු පරපුර දරන වෑයම අමිල සේවයකි. ඔවුන්ට හිස නමා ගෞරවය සහ ප්‍රණාමය මෙන් ම හෘදයාංගම ස්තූතිය ද පළ කළ යුතු යි.

****

පිරිතෙහි බලය

තිලොවට තිලක බුදු හිමියන් සත වෙත සම මෙත ඇති ව දෙසන ලද පිරිතෙහි මහ ගුණ බල ඇත. මෙලොව සැමගේ සෙත සුව පිණිස දෙසූ අපරිමිත සිරි සදහම් දෙසුම් අපිත් අසමු, පහදා තුන් සිත. මහආරගම සුදස්සන හිමි

02 වන වසර
ශ්‍රී සුමන සාමණේර ආයතනය, හඳපානාගල

****

තුනුරුවන වඳිමි

පළමුව බුදු රුවන වඳිමි
දෙවනුව දම් රුවන වඳිමි
තෙවනුව සඟ රුවන වඳිමි
දින දින තුනුරුවන වඳිමි

****

මව්පියෝ

දරු සෙනෙහේ කවියට නැඟු අම්මා
රැකවරණය යන වචනයේ අර්ථය
නුඹ වේ පියාණනේ
දෝරේ ගලා යන සෙනෙහස් ගඟුලක
උල්පත මේ මගේ දෙමව්පියන්

****

අගසව් දෙනම

සංජය පිරිවැජියාගේ ප්‍රධානතම ශිෂ්‍යයන් වූ උපතිස්ස, කෝලිත දෙදෙනා පැවිදි විය. මෙම තරුණ පිරිවැජියන් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියේ අස්සජි මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් ය. පැවිදි වී පසුව රහත් වීමෙන් ද පසුව උපතිස්ස, කෝලිත දෙදෙනා හැඳින්වූයේ සැරියුත් මහ රහතන් වහන්සේ හා මුගලන් මහ රහතන් වහන්සේ නමිනි. සැරියුත් මහරහතන් වහන්සේ නුවණැති භික්ෂූන් වහන්සේ අතර අග තනතුරට ද, මුගලන් මහ රහතන් වහන්සේ සෘද්ධිමත් භික්ෂූන් වහන්සේ අතර අග තනතුරට ද පත් කළහ.

****

දුරුතු පෝය දා

මංගල ලංකාගමනය සිදුවන්නේ
සුමන සමන් දෙව්රද බුදුන් පුදන්නේ
ලක්වැසි යක් කෝලාහලයන් වන්නේ
බුදු තෙද බලයෙන් දමනය වන්නේ

මගධ බිමට සෑ මුනිදු වඩින්නේ
වේළුවනාරාමය පූජා වෙන්නේ
තුන් බෑ ජටිල භව බැමි බිඳලන්නේ
දුරුතු පොහෝ දින මේ සැම වන්නේ

දුරුතු පෝය සඳ සිසිල හමන්නේ
පන්සල් මළුවේ සිල් සුවය ගෙනෙන්නේ
පන්සල් මළුවේ බණ පද රැව්දෙන්නේ
වසරක ඇරඹුම මෙලෙසින් වන්නේ

****

කිරිපිඬු දානය පිදීම

****

වන විනාශය

ජේ.එච්. පියුම් සත්සර
06 වන ශ්‍රේණිය
වළවේ ශ්‍රී විද්‍යානන්ද දහම් පාසල බළංගොඩ

****

පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි ව ලියා අප වෙත එවන්න.

ඉන්දීය සාගරයේ මුතු ඇටය නමින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව පිළිබඳ ව නිර්මාණාත්මක ව ලියා අප වෙත එවන්න.

ජයග්‍රාහී දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් අගනා ත්‍යාගයක් පිරිනැමේ.

****

සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

610 සුබෝධ හිමි - මූලික පිරිවෙන
ධම්මාදර දහම් පාසල - කැබිතිගොල්ලෑව

611 පනාමුරේ කුසලධම්ම හිමි - 02 වන ශ්‍රේණිය
විද්‍යාරතන පිරිවෙන - ගාල්ල

612 ජයතු අශ්මිණ අතුකෝරල - 01 වන ශ්‍රේණිය
කුමාර විදුහල, රත්නපුරය

613 බී.ජී. දිල්ෂි මනෝද්‍යා - 10 වන ශ්‍රේණිය
ශ්‍රී ගුණානන්ද දහම් පාසල, මාවනැල්ල

614 ඒ.ඒ. නවෝද්‍යා නිරක්තනී - 08 වන ශ්‍රේණිය
ශ්‍රී සර්වෝදය දහම් පාසල, නාත්තන්ඩිය

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සිකුරාදා පූර්ව භාග 07.28 ට ලබයි. 18 වනදා සෙනසුරාදා පූර්වභාග 05.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 17 වනදා
සිකුරාදා ය

මීළඟ පෝය ජනවාරි 24 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]