[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශාසන සුරක්ෂාවට උතුම් ත්‍රිපිටක පන්දහසක්

ශාසන සුරක්ෂාවට උතුම් ත්‍රිපිටක පන්දහසක්

පොදුවේ අපට යම් එක කතිකාවතක්, නැතිනම් පොදුවේ එක සාමූහික විනය නෛතික පසුබිමක් නැතිකම නිසා දෝ ඇතැමෙක් ශාසනය පිළිබඳ ව විනාශකාරී වැඩපිළිවෙළට ඇතැම් වේලාවට නිරත වෙනවා, අපට පෙනෙනවා. සමහර අවස්ථාවලදී ඇතැම් දේශපාලන වේදිකාවල මිනිසුන්ට මත්වතුර පානය කරන්නට තරම් ඇතැම් භික්ෂූන් වහන්සේ තමන්ගේ පැවිද්ද පිළිබඳව අමතකකර තිබෙනවා. ඇතැම් වේලාවට ශාසනානුලෝම නොවන ආකාරයට අපේ සංස්කෘතියට නොගැළපෙන ආකාරයට , රිය පදවා අනතුරු වලට ලක්වන තරමටම භික්ෂුව අද සමාජයේ පත්ව තිබෙනවා. මේ තත්ත්වය වෙනස් වන්නට අවශ්‍යය යි. ඒ සඳහා ගෞරවනීය මහා නායක මා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නය මෙබඳු විනය විරෝධී ක්‍රියාවල නිරතවන්නන් සඳහා ක්‍රියාත්මක වීමට අවශ්‍ය නෛතික පදනමක් හඳුන්වා දී, ඒ පදනම ඉක්මවන්නන් සඳහා ද ක්‍රියාත්මක වන ආකාරයේ වැඩපිළිවෙළක් අපට ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය යි. එය එකවර කිරීමට අපහසු වුව ද එයට අවශ්‍ය මූලික පදනම මේ ඔස්සේ සලසා ගන්නට අප අදහස් කර තිබෙනවා.

ඒ අනුව අපේ වැඩසටහන ඉතාම සංවිධානාත්මක ව මේ කාරණාව ඔස්සේ බලාපොරොත්තු වන මහා විශාල අර්ථ සමූහයක් තියෙනවා. ඒ අර්ථ සමූහය සඳහා මේ වැඩසටහන භාවිත කරන්නට, යොදා ගන්නට කල්පනා කර තිබෙනවා. ඒ නිසා නූතන ප්‍රශ්නය හමුවේ ශාසනික ප්‍රශ්නය හමුවේ විභජ්ජවාද වැඩසටහන ප්‍රායෝගික ව පිළිතුරු සැපයීම සඳහා යොදා ගැනීම අපේ මූලිකම පරමාර්ථය වන්නේ. අතිගරු මහා නායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ සියලු පූජනීය මහා සංඝරත්නය මේ සඳහා අවශ්‍ය ශක්තිය අපට ලබා දෙනවා. අනුශාසනා අපට ලබා දෙනවා, එසේම ගිහි පින්වත් පිරිස මේ සඳහා අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් සැලසීම ආදිය මඟින් අපට මහා ශක්තියක් ලබා දෙනවා. මෙම කටයුත්ත සම්පාදනය කිරීමේ දී අප සමඟ එකතුවුණ සියලුම පින්වතුන්ටත්, පුණ්‍යානුමෝදනා කරන අතර අතිගරු ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍ය තුමන් ප්‍රධාන රජයටත්, ශාසනික ප්‍රශ්නය හමුවේ මැදිහත් වී, ධර්මානුකූලව පූජනීය මහා සංඝරත්නයේ උපදෙස් අනුව කටයුතු කරන ලෙස අප සිහිපත් කරනවා.

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සිකුරාදා පූර්ව භාග 07.28 ට ලබයි. 18 වනදා සෙනසුරාදා පූර්වභාග 05.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 17 වනදා
සිකුරාදා ය

මීළඟ පෝය ජනවාරි 24 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]