Print this Article


හෙයියන්තුඩුව සමාධි බුද්ධ මන්දිරයේ අලෝක පූජාව 12 දා

හෙයියන්තුඩුව සමාධි බුද්ධ මන්දිරයේ අලෝක පූජාව 12 දා

හෙයියන්තුඩුව මහකුඹුරුවත්ත සමාධි බෞද්ධ සමිතිය මගින් මහකුඹුරුවත්ත මංසන්ධියේ තැන්පත් කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ ආලෝකමත් කිරීම උදෙසා බුදුරැස් මාලාවක් සවි කිරීමෙන් පසු ජනවාරි 12 දින සවස එම ස්ථානයේදී සිදු කෙරේ.

මහකුඹුරුවත්ත කුමාර සිරිවර්ධන මහතාගේ හා ලක්ෂාන් මධුරංග මහතාගේ අදහසක් හා අනුග්‍රාහකත්වයෙන් ගම්වාසීන්ගේ ආධාර ඇතිව සිදු කෙරෙන මෙම පුණ්‍ය කටයුත්තේ දී බුදුරැස් මාලා ආලෝක පූජාව විවෘත කිරීම සවස 6.30ට සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝනායක මාවරමණ්ඩිය ශ්‍රී ධීරානන්ද පරිවේනාධිපතිි හෙයියන්තුඩුව පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති වැලමිටියාවේ සීලරතන හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අතර සවස 7.00 සිට ධර්ම දේශනාව මාලඹේ පිට්ටුගල අමාවතුර මහමෙව්නා අසපුවාසී අමතදීප හිමියන් විසින් පවත්වනු ලැබේ.