Print this Article


මිණි මුතුවන් මනු දම්

මිණි මුතුවන් මනු දම්

කන්දේගම
රිදීමාලියද්ද
ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ
උඩයායේ පඤ්ඤාසීහ හිමි

ඉතා භයංකර වූ
සසර ඇවිදිනා අප
විසල් වූ මහ මෙරක් විලසට
කුසල් කර ඇත
දොහොත් මුදුනින්
උතුම් පිළිවෙත නිසාවෙනි
අද
මිනිස් දිවියක්
ලැබුවේ අප සැම
තිලොවග පියා
දෙසූ ධර්මය
ලැබූ මිනිසත් බවට වැඩියෙන්
මනුසත්කම රැකගන්න අරුතින්
මොහොතින් වියැකි යන
අප
සත්‍ය දේටම නෙත් යොමා නිති
මනුදම් දෝතින් දරා
ලෝවැසියන්ට දායාද කර
ත්‍යාගයේ අගය වටහා
අපි
ධර්මයෙන් ජය ගනිමු
ලෝකය
ආර්ථික ධනයට වඩා
ආර්ය ධනය
හදවතෙහි තුරුළු කර
උදාර ලෙසින්
ජීවත් වන කෙටි කාලය
ගෙවමු
සත්පුරුෂයන් විලසින්
මනුදමේ නාමයෙන්...