Print this Article


ස්වර්ණමාලී මහා සෑ රදුන් වෙත පළඳවන ලද නව චූඩා මාණික්‍ය බොදු දනන්ගේ සාදු නාද මැද නිරාවරණය කෙරේ.

ස්වර්ණමාලී මහා සෑ රදුන් වෙත පළඳවන ලද නව චූඩා මාණික්‍ය බොදු දනන්ගේ සාදු නාද මැද නිරාවරණය කෙරේ.

ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේට අභිනව චූඩා මාණික්‍ය පළඳවා ස්වර්ණාලේප කරන ලද කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ඉකුත්දා (26) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක කොටුගොඩ ධම්මාවාස මහා නාහිමි, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි, ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ආනමඩුවේ ධම්මදස්සි අනුනාහිමි, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි ඇතුළු මහා නාහිමිවරුන් ප්‍රමුඛ අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමි ඇතූළු මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් එම පුණ්‍ය මහෝත්සවය සිදු කළහ. ඒ සඳහා පූර්ණ දායකත්වය දැක්වූයේ විශ්ව පාරමී පදනම මගිනි. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දි ප්‍රදර්ශනය කරනු ලැබූ චූඩා මාණික්‍ය ඉකුත් 21 වැනි දා පෙරවරුවේ අනුරාධපුර දක්වා වැඩමවනු ලැබී ය. පසුව 22 වැනි දා චූඩා මාණික්‍ය රැගත් රථ පෙරහර අනුරාධපුර නගර මධ්‍යයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසට වැඩම කරවනු ලැබූහ. ඉන් පසුව මහා සෑ මළුවේ පිහිටි විශේෂ මණ්ඩපයක තැන්පත් කළ චූඩා මාණික්‍ය වන්දනාමාන කිරීමට නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දිවා රාත්‍රී පැමිණි අතර, ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව, ආහාරපාන ඇතුළු සියලු පහසුකම් ද සලසා තිබිණ. අනතුරුව (25) දවල් 12.00 වනතුරු චූඩා මාණික්‍ය ප්‍රදර්ශනය සිදුකරනු ලැබූ අතර චූඩා මාණික්‍ය චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත පළඳවනු ලැබූහ. පසුව ( 26) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් ස්වර්ණාලේපිත කොත්වහන්සේ නිරාවරණය කිරීම සිදු විය.

අනුරාධපුර ස්වර්ණමාලී මහා සෑ රදුන් වහන්සේ වෙත අභිනව චූඩා මාණික්‍ය පළඳවා ස්වර්ණාලේප කරන ලද කොත් වහන්සේ නිරාවරණය ඉකුත්දා (26) පෙරවරුවේ දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාධු නාද මධ්‍යයෙහි පූජනීය සම්භාවනීය මහ සඟරුවන විසින් සිදු කරන ලදී. ඓතිහාසික ස්වර්ණමාලි මහ සෑ රදුන්ගේ අභිනව චූඩා මාණික්‍ය හා කොත් වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනු නා හිමි, අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමි, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමි ඇතුළු සම්භාවනීය මහ සඟරුවන එක්ව සිටි අයුරු.

ස්වර්ණමාලි මහා සෑ රදුන් විෂයෙහි විශ්ව පාරමී පදනමේ පූර්ණ අනුග්‍රහයෙන් සිදුකළ අසදෘශ පුණ්‍යකර්මය වන රන් ආලේපිත කොත් වහන්සේ මත පැළඳවූ රන් පාදම සහිත චූඩාමාණික්‍යය නිරාවරණය වූ මොහොත. ඡායාරූපයේ වම්පස සිට විශ්ව පාරමී පදනමේ නිර්මාතෘ ප්‍රභාත් නානායක්කාර මහතා, තායිලන්ත වාසී ලුඅං පෝ අනන් (ඹ්භචදඨ ර්‍ථධප ඒදචද) හිමි, අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි, ස්වර්ණමාලී, චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන නාහිමි.