Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 155 වැනි ජන්ම දින සමරුව හා ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ 49 වන සංවත්සරය සහ 2019 ‘ස්වර්ණ බිම්බ’ සම්මාන ලිඛිත සංදේශය ප්‍රදානෝත්සවය සියම් මහා නිකායේ ඌව පාර්ශ්වයේ මහානායක අඹේවෙල පඤ්ඤාසාර මහ නාහිමියන් සහ අමරපුර නිකායේ මහා මහෝපාධ්‍යාය දොඩම්පහළ චන්ද්‍රසිරි මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා ඉන්දියා මහාබෝධි සමාගමේ හිටපු සභාපති ශ්‍රීමත් අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ මුනුපුරු ප්‍රසන්න ජයසූරිය, දම්පල් පදනමේ වයඹ පළාත් නායක ආචාර්ය මහින්ද මොරගොල්ල යන මහත්වරුන් ඇතුළු ආරාධිත සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් ඉකුත් දා පිළියන්දල තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්විණි. දම්පල් පදනමේ නියෝජ්‍ය මහා ලේඛක තුම්බෝවිල ධම්මරතන නාහිමියන් ප්‍රමුඛ විහාරස්ථ සියලු දායක සමිති සමාගම් විසින් සංවිධානය කර තිබූ එම උත්සවය ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ දායකත්වයෙන් පැවැත්විණි. දම්පල් පදනමේ මහා ලේඛකාධිකාරී නාහිමිවරුන් වන මලේගොඩ නන්ද නාහිමි, කරව්වේ විජයතිස්ස නාහිමි, අමුගොඩ සෝමානන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ නිර්මාතෘ සාහිත්‍යසූරී දේශමාන්‍ය ජයන්ත සුමනසේකර මහතා ඇතුළු පාලක සභිකයින්, පදනමේ සාමාජික සාමාජිකාවන් සද්ධර්මාරාම පුරාණ විහාරස්ථානයේ දායක සමිති සමාගම්වල සභාපතිවරුන් ඇතුලු නිලධාරීන් දායක දායිකාවන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූ හ.
කැස්බෑව සංචාරක ධර්මසිරි සුරවීර

බුදුසරණ - ගුණසේන සිරි සදහම් පැනවිසඳුම් යටතේ ඇසළ අමාවක පෝදා අංක 01 හි ජයග්‍රාහිකාවක් වූ වැල්ලම්පිටිය නො. 179 කිත්තම්පහුව හි පදිංචි සෝමා රුද්‍රිගු මහත්මිය ලේක්හවුස් ආයතනයේ දී ඊට අදාළ ධර්ම ග්‍රන්ථ කට්ටලය ලේක්හවුස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර චන්ද්‍රලාල් සූරියආරච්චි මහතා අතින් ලබාගත් අවස්ථාව.