Print this Article


අධිසිල් ලබති

අධිසිල් ලබති

මහනුවර අස්ගිරිය මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ කාරක සංඝ සභික අස්ගිරිය විජය සුන්දරාරාම පුරාණ විහාරාධිපති මොලගොඩ ධම්මරතන නාහිමියන්ගේ සහ ශාස්ත්‍රවේදී පණ්ඩිත අන්දරවැවේ පියරතන නාහිමියන්ගේ ශිෂ්‍ය අස්ගිරිය මහා විහාරයීය මහ පිරිවෙනේ ධර්ම ශාස්ත්‍රය හදාරන ඇකිරියේ සුමනරතන සාමණේර හිමියන් අස්ගිරිය මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී මහෝපාධ්‍ය අමුණුපුර පියරතන නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදා ශීලයෙහි පිහිටුවන ලදී. ඇකිරියේ සුමනරතන හිමියන් බදුල්ල පස්සර ඇකිරිය ග්‍රාමයේ රත්නායක මුදියන්සේලාගේ ප්‍රේමදාස දුනුකාර මුදියන්සේලාගේ කරුණාවතී යන දෙපළගේ පුත්‍රරත්නය වේ.


නාවල රාවණාඇල්ල, ඇල්ල ශ්‍රී සුමංගලාරාමය, යන විහාරයන්හි විහාරාධිපති අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ ඌව මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක සද්ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රිල්පොල ඤාණදේව නාහිමියන්ගේ සහ ඇල්ල නමුණුකුල උභය විහාරාධිපති නමුණුකුල විද්‍යාලයේ විශ්‍රාමික විදුහල්පති උඩුවර පඤ්ඤාකීර්ති හිමි, මහනුවර ශ්‍රී සම්බුද්ධාලෝක සමාධි විහාරාධිපති අස්ගිරිය මහා විහාරයේ කර්මාචාර්ය රාවණාඇල්ලේ පඤ්ඤාමෝලි, රාවණාඇල්ලේ පුරාණ විහාරාධිකාරී රාවණඇල්ලේ සුමන යන හිමිවරුන්ගේ ශිෂ්‍ය දැනට මහනුවර අස්ගිරි මහා විහාර මහ පිරිවෙනේ උසස් අධ්‍යාපනය ලබන රාවණා ඇල්ලේ ඤාණානන්ද සාමණේරයන් වහන්සේ මහනුවර අස්ගිරිය මහා විහාරයීය ඓතිහාසික මංගල උපෝසථාගාරයේ දී වාහල නාගනාමයෙන් උපසම්පදාශීලයෙහි පිහිටුවන ලදී.