Print this Article


සදහම් අරණ

ජය ශ්‍රී මහා බෝධිය

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලොව පැරැණි ම ඉතිහාසයක් ඇති වෘක්ෂය වශයෙන් ගෞරවයට පාත්‍ර වේ. ඉන්දියාවේ පිහිටි ජය ශ්‍රී මහා බෝධින්වහන්සෙ ගේ් දක්ෂිණ ශාඛාව වූ අපේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලෝක බෞද්ධ ප්‍රජාවගේ ම අමිල වස්තුවක් බවට පත් වී ඇත. ජය ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද්දේ, සඟමිත් තෙරණිය විසිනි.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ යන ගෞරව නාමය, ඒ වෘක්ෂයට ලැබුණේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේට බුදුවීම සඳහා සෙවන ලබා දීම වෙනුවෙන් අනිමිස ලෝචන පූජාවෙන් මෙම වෘක්ෂය පුදනු ලැබීමෙන් අනතුරව ය. එම ගරු නාමය ලැබීමට පෙර මේ වෘක්ෂයේ නාමය ඇසතු රුක ය.


සතර සංග්‍රහය

දානය දීමෙන් පින් ලැබ ගන්නේ
එය ක්‍රම දෙකකිනි වර්ග කෙරෙන්නේ
පූජා බුද්ධිය අනුග්‍රහ බුද්ධිය නම් වන්නේ
දීමෙන් නිති සිත සහනය වන්නේ

පි‍්‍රය වචනයටය කවුරුත් කැමැතී
අසනා හැම එහි සැනසුම ලැබතී
එවැනි අයට කවුරුත් පි‍්‍රය කරති
මේ වගෙ හොඳ අය ලොව බබළවති

නිවැරැදි හැසිරීමයි අර්ථ චර්යාව
සමානාත්ම තාවය නම් සැමටම එකසේ සැලකීම
සංග්‍රහ සතර මේ තුම් කරුණු බව දැන
මැනවින් ඉටු කළේ නම් දෙව්ලොව සැපමය


බුදු ගුණ

සම්මා සම්බුදු බුදු හිමි වඳිමි මම
බුදුගුණ අනන්තයි එය සිහි කරමි මම
නිවන් මගට යන්නට දුන් ඔවා මිණ
සාධු සාධු නමදිමි බුදු සමිඳු මම

තුන් ලෝකයට අග්‍රයි මුළු ලොව ම දනී
කෙලෙසුන් දුරින් දුරලන හැටි කියා දුනී
සියලුම දරුණු දෙවි මිනිසුන් දණින් වැටී
දුකින් මිදෙන හැටි බුදු හිමි කියා දුනී


පොඩි ළමයි

අනුන් පණ නසන් නෑ
කිසි විටෙක බොරු කියන්නේ නෑ
කපටිකම් කරන්නෑ
ඉරිසියා ක්‍රෝධ සිත
පුංචි අපි ළඟ නම් ඇත්තෙ නෑ........

හරි හොඳ පොඩි ළමයි
මල් වගේ ලස්සනයි
මීමැස්සො වගෙ කඩිසරයි.
ලොව සුවඳවත් කරයි
පොඩි ළමයි හරි හොඳයි...


අට ලෝ දහම

ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සුඛ, දුක්ඛ යනු අටලෝ දහමයි. අපේ ජීවිතයේ ද ලාභ, අලාභ සිදු වේ. කීර්තිය ලැබේ. අපකීර්තිය ද ලැබේ. නින්දාවට ලක්වේ. වර්ණනාවන් ද ලැබේ. දුක ද, සතුට ද ලැබේ. එහෙත් අප ඒවාට මුහුණ දීමේ දී ඉවසීමෙන් හා අනුකම්පිත ව මුහුණ දිය යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබූ මහා මංගල සූත්‍රයේ ද අටලෝ දහමින් කම්පා නොවී කටයුතු කිරීම මංගල කරුණක් ලෙස දේශනා කර ඇත. අටලෝ දහම සදාකාලික නොවේ. එය වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. එනිසා අප ඉවසීමෙන් හා අවබෝධයෙන් යුතුව එයට මුහුණ දිය යුතු යි.


මහ පොළොව

මහ පොළොව
මළ කඳන් තුරුලු කර
අසරණ ව බලා සිටී
අහෝ, කවදා ද මට නිදහස
ඇයි?
ඔබ නොදන්න
අරි අටඟි මඟ


මෙත් ගුණය

සතර බ්‍රහ්ම විහරණවලට අයත් එක් බ්‍රහ්ම විහරණයක් නම් මෙත්තාවයි. මෙත්තා හෙවත් මෛත්‍රිය නම් හිතවත් බවයි. යමක් හෝ යමෙකු තමා සන්තක කර ගැනීමේ ආශාව නිසා හිතවත්කමක් ස්නේහයක් ඇතිවිය හැකි ය. එහෙත් එය මෙත්තාව නොවේ. එබඳු ගිජුකමකින් තොරව සියල්ලන් කෙරෙහි ම අවංකව දක්වන හිතවත් බව මෙත්තාව යි. මිතුරෙකු කෙරෙහි තමා තුළ පවත්නා හිතවත් බවට සමාන හිතවත්කමක් සියලු සතුන් කෙරෙහි ඇති කර ගැනීමට දරන මානසික ව්‍යායාමය මෙත්තාව වෙයි.


පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලිව ලියා අප වෙත එවන්න.

ගුණවත්, නැණවත් දරු පිරිසක් බිහි කිරීමට වෙර දරන ඔබගේ දහම් පාසල පිළිබඳව නිර්මාණාත්මකව කෙටියෙන් ලියා අපවෙත එවන්න.

ජයග්‍රාහී දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් අගනා ත්‍යාගයක් පිරි නැමේ.


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

560 එම්.විපුලතිස්ස හිමි
01 වන ශ්‍රේණිය
ශ්‍රී ධර්ම රශ්මි දහම් පාසල, ගම්පොළ

561 එච්. ශානිකා හංසනි පුෂ්පකුමාරි
08 වන ශ්‍රේණිය
ශ්‍රී ගුණරතන දහම් පාසල, රඹුක්කන

562 ඩී.සචිනි හංසිකා
09 වන ශ්‍රේණිය
ශ්‍රී විමලතිස්ස දහම් පාසල, ගෝනපල

563 ජේ.එම්. අමාෂා සත්සරණී
06 වන ශ්‍රේණිය
පහලගම මහ විදුහල, පහලගම

564 දිනායා සනුදිනී අල්විස්
03 වන ශ්‍රේණිය
සිරි දහම් රැකි දහම් පාසල, ගොරකාන


දෙව්දත් ගල පෙරළීම

දීත්ම සජාර ජයසිංහ
02 වන ශ්‍රේණිය
සිරි විමලසිරි ඉංගී‍්‍රසි දහම් පාසල, පොල්පිටිමූකලාන

පාසල් වත්ත

ගම්රු හසරංග ජයසිංහ
01 වන ශ්‍රේණිය
සුචරිත දහම් පාසල, රාගම