Print this Article


බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි 123 වන ජන්ම සමරුවට උපහාර උළෙලක්

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි 123 වන ජන්ම සමරුවට උපහාර උළෙලක්

අභිධජ මහා රට්ඨගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමිපාණන් වහන්සේගේ 123 වන ජන්ම දින සහ ගුණානුස්මරණ සැමරුම් උළෙල අගෝස්තු 25 වනදා සවස 3 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.

කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නාහිමියන් ඇතුළු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඊට සහභාගිවන අතර බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය පදනම මගින් එහි සභාපති බඹරබොටුවේ ආනන්ද මංගල හිමියන්ගේ මෙහෙයවීමෙන් උත්සවය සංවිධානය කර ඇත.