Print this Article


ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය සාමග්‍රී සම්මුතියට එළඹෙයි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය
සාමග්‍රී සම්මුතියට එළඹෙයි
 

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංඝ නිකායන් දෙකක් වූ ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය සාමග්‍රී සම්මුතියට එළඹීම කොළඹ, පදනම් ආයතනයේ දී පසුගිය දා (16) සිදු කෙරුණු අතර ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන් සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය අග්ගමහාපණ්ඩිත නාපාන පේමසිරි මහානාහිමියන් අදාළ ව්‍යවස්ථාවට අත්සන් තැබීමෙන් අනතුරුව සන්නස් පත්‍රය හුවමාරු කරගත් අවස්ථාව.