Print this Article


අධි සිල් ලබති

අධි සිල් ලබති

අම්පාරේ බෝධිරතන හිමි
පදලංගල සමිතරතන හිමි

එල්ලාවල,පරණගම, මැරේකැලේ ශ්‍රී රෝහණ ආරණ්‍යවාසී ශාස්ත්‍රවේදී (ගෞරව) අම්පාරේ බෝධිරතන හිමි හා එම ආරණ්‍යවාසී පදලංගල සමිතරතන හිමි යන ස්වාමීන් වහන්සේලා දෙනම ජුනි මස 09 වන දින, මහා විහාර වංශික ස්‍යාමෝපාලි වනවාස නිකායේ “සබරගමු වනවාස උපෝසථාගාරයේ” දී මහා විහාර වංශික වනවාස සංඝ සභාවේ මහානායක දඹුල්ල, එඬේරගල ආරණ්‍ය සේනාසනාධිපති මහෝපාධ්‍යාය විනය කීර්ති ශ්‍රී ඤාණානන්ද පස්ගොඩ ශ්‍රී ජිනවංසාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වරප්‍රමුඛ වින්සත්වර්ගික වනවාස මහා සංඝ සභාව වෙතින් උපසම්පදාවට පත් වූහ.

මහා විහාර වංශික ස්‍යාමෝපාලි වනවාස නිකායේ මහෝපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික උල්ලිදුවාවේ සුධීරානන්ද නාහිමි සහ මහෝපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික වෙහෙරවත්තේ ඉන්දසුමනාභිධාන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේලා ද, මහා විහාර වංශික ස්‍යාමෝපාලි වනවාස නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, කර්මවාගාචාර්ය දේවාලේගම ධම්මරතන නාහිමි මහා විහාර වංශික ස්‍යාමෝපාලි වනවාස නිකායේ ලේඛකාධිකාරී, කර්මවාගාචාර්ය වෙහෙරයායේ සිරි සුධම්ම නාහිමි කර්මවාගාචාර්යන් වහන්සේලා ද, මහා විහාර වංශික ස්‍යාමෝපාලි වනවාස නිකායේ කාරක සංඝ සභික, කිරිඇල්ල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මැරේකැලේ ශ්‍රී රෝහණ ආරණ්‍යස්ථානයේ විහාරාධිකාරි උපරතන නාහිමි ආචාර්යයන් වහන්සේ ද වෙති.

****

නියාගම පියනන්ද හිමි
නියාගම පදුමසිරි හිමි

ගාල්ල, උඩුගම, ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරවාසී, මහනුවර අස්ගිරි මහා විහාර පිරිවෙනෙහි අධ්‍යාපනය ලැබූ නියාගම පියනන්ද හිමියන් සහ නාකියාදෙණිය සරණපාල පිරිවෙනේ අධ්‍යාපනය ලබන නියාගම පදුමසිරි හිමියන් මහනුවර මල්වතු මහා විහාරස්ථ රාජපූජිත මංගල උපෝසථාගාරයේ දී ජූලි මස 02 දින උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබේ. උන්වහන්සේලා දෙනමගේ ආචාර්යවරයාණන් වහන්සේලා වන්නේ උඩුගම සාරානන්ද හිමියන් සහ කෝරළේගම සුමංගල හිමියන් ය.

උන්වහන්සේලා දෙනම පිළිගැනීමේ උළෙල මෙම මස 11 වන දින උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරයේ පැවැත්වෙන ‘මහ බෝ වන්දනා’ වැඩසටහනේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.