Print this Article


මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව 15,16,17 දිනවලදී

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව 15,16,17 දිනවලදී

සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය

සැදැහැති දායකත්වය - ඩයලොග් ආයතනය, සිලෝන් බිස්කට් සමාගම , DFCC බැංකුව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව

මිහින්තලා ,ලේක්හවුස් ආලෝක පූජාව මෙම මස 15,16,17 දිනවලදී ඓතිහාසික මිහින්තලා පුදබිමේ දී පැවැත්වේ.

මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි එම පින්කම් සිදු කෙරෙන අතර මෙවර මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පැවැත්වෙනුයේ 57 වන වරටය. ඊට සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය දක්වයි.

සැදැහැති දායකත්වය ඩයලොග් ආයතනය, සිලෝන් බිස්කට් සමාගම DFCC බැංකුව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව මගිනි. මිහින්තලා රජ මහා විහාරයේ වාර්ෂික සති පිරිත් දේශනාව ජුනි 07 වනදා ආරම්භ කෙරිණි.

මහාභාරකාර දෙපාර්තමේන්තුව සහ ලේක්හවුස් ආයතනය අනුග්‍රහයෙන් වාර්ෂික සිල් රෙදි පිරිනැමීම ද මිහින්තලා පුදබිමේදී සිදු කෙරේ. මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මිහින්තලේ පොලිස් ස්ථානය, මිහින්තලේ ප්‍රාදේශීය සභාව, ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය , පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය ආයතන එම පින්කම් මාලාව සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට සංවිධාන කටයුතු සිදු කෙරේ.