Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

අසිරිමත් වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව පවත්වනු ලබන වෙසක් පෙරහර පසුගියදා (19) වීදි සංචාරය කරනු ලැබී ය.ශ්‍රී දළදා මාලිගාව අබියසින් ගමන් ආරම්භ කළ එම පෙරහර දළදා වීදිය, පන්සල් පාර, දේව වීදිය ඔස්සේ ගමන් ගෙන ඩී.එස්. සේනානායක වීදියෙන්, රජ වීදියෙන් හැරී ඉහළට විත් ගෙවදීම සිදුවිය. මෙවර වෙසක් පෙරහරේ සධාතුක කරඬුව තායිරාජා වෙතින් වැඩම කරවනු ලැබී ය.

සම්බුදු තෙමඟුල සමරමින් ඓතිහාසික කැලණි රජමහා විහාරය වන්දනාමාන කිරීම සඳහා පැමිණි සැදැහැවතුන්ගෙන් කොටසක් මෙහි වේ.