[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

චුති සිත

සසර නිමකර නොමැති බව
අපි නිතර සිහි ගැන්විය යුත්තේ
මරු තුරුලට යන්න වන බව
සැවොම අප දැන ගත යුත්තේ
අපා දුක් නොවිඳිනා ලෙස
චුති සිතයි සකසා ගත යුත්තේ
කෙලෙස් දුරු කර රැගෙන යාමට
කුසල් රැස් කර ගත යුත්තේ

****

අපිත් වදිමු ගෞතම මුනි පාදේ

රන් සමනලු සුදු සළු ඇඳ ගන්නේ
රන්වන් සිරිපා වැඳුමට යන්නේ
එනමුත් ආපසු ගමට නො එන්නේ
නිවන් පුරේටලු ගොස් නවතින්නේ

වරක් වැන්දොතින් නැත කිසි වාදේ
නිවන් දොරට යන මං පෙත පෑදේ
අපිත් ගොසින් කිමිදී ගුණ මූදේ
බැතින් වඳුමු ගෞතම මුනි පාදේ

****

සසරක හැටි

ජීවිත සටන
ගෙන යන මේ අතර තුර
දුක් විඳි වාර ගණනක් මට
මතක නැත
බිරිඳ දරුවන්ට මා ගැන
වගක් නැත
මොනවා කරන්නද?
පූරුවෙ කරපු පව
අනියත බව දෙසුව හිමියනි
දයාබර
ඔබ ගිය මඟ යන්න
දවසක හිතාගෙන
වැඩිහිටි නිවාසෙක මම දැන්
කතරගම

****

කළ යුතු යි පින් කුසල්

ඉපදුණොත් බැහැ ඉතින් බේරෙන්න
දිරා යනවා තමයි නියතින්ම
ලෙඩ රෝග උරුමම යි සැබවින් ම
මැරෙනවාමයි නියත විලසින් ම
කොයි වෙලේ ම ැරේදැ’යි නොම දනී
ලොව සදාකාලික දේ නැතී
ඒ නිසා එළඹෙනා සැම මොහොතෙ
පින් කුසල් නොපමාව කළ යුත්තෙ

****

පිරිත් බලය

ගිරිමානන්ද පිරිතේ
අනුසස් බොහෝ ඇත්තේ
රෝගී කෙනෙකු මත්තේ
කීවොත් සුවය නම් සත්තේ

පුදුම බලයක් ඇත්තේ
රෝගියා සුව වන බව සත්තේ
බෙහෙත් ගුණ ද දන්නේ
බුද්ධ පිරිතේ බලය මත්තේ

****

මව් බිම අපේ උරුමයක්

මුනි සිරිපා පහස ලැබගත් සමන් ගිර
සිරි දළඳා හිමි සෙන්කඩගල නුවර
ජය සිරිමා බෝධි පිහිටියෙ අනුරපුර
ගිය හැම තැනම විහිදෙයි හිමි රැස් දහර

අමා දම් සයුරෙ කිමිදෙමි එහි නාමී
පමා නොවෙමි හිමිගෙත් මැදි මඟ යාමී
දමා පදනමක් පිළිවෙත් පුර වාමී
අමා මහ නිවන් වැද නොවී බව ගාමී

මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය අපේ‍්‍රල් 04 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.51 ට ලබයි. 05 වනදා සිකුරාදා අපරභාග 02.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 04 වනදා බ්‍රහස්පතින්දා ය.

 මීළඟ පෝය අපේ‍්‍රල් 12 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 12

Full Moonපසෙලාස්වක

අපේ‍්‍රල් 19

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]