Print this Article


වස්කඩුවේ මහින්දවංශ නාහිමියන්ට උපහාර පිදීමේ උත්සවයක්

වස්කඩුවේ මහින්දවංශ නාහිමියන්ට උපහාර පිදීමේ උත්සවයක්

තායිලන්ත රජය විසින් බෞද්ධ රටකට පිරිනමන ඉහළම සම්මානය වන “රාජකීය තායි අශෝක සම්මානය” මෙවර කොළඹ කොටහේන දීප දුත්තමාරාමය හා වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරයන්හි උභය විහාරාධිපති, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උප සභාපති හා ශ්‍රී ලංකා අමරපුර සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ නා හිමියන් වෙත පසුගියදා, සරලීකිටියාකාර තායි රාජ කුමරිය අතින් තායි හමුදා මූලස්ථානයේ දී පිරිනමන ලදී.

රාජකීය සම්මානය ලැබීම, ඇගැයීම හා උපහාර පිදීමේ මහෝත්සවය මෙම මස 29 වැනි සිකුරාදා දින පස්වරු 3.00 ට, කළුතර ඓතිහාසික බෝධි පරිශ්‍රයේ දී සිදු කිරීමට වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇත.

එම උත්සවය සඳහා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් මුලසුන දරන අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මැතිතුමා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් රාශියක් සහභාගිවීමට නියමිත ය.