Print this Article


ගුණ සමරු දානමය පින්කමක්

ගුණ සමරු දානමය පින්කමක්

1890 වර්ෂයේ ආරම්භ කරන ලද ගුණ සමරු දානමය පින්කම දෙල්දූවේ සුමන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පාණදුරේ, දිබ්බැද්ද, මොරවින්න සුධර්මාරාමය, වාද්දූව, දෙල්දූවේ, ගනේවත්ත පුරාණ විහාරය, වාද්දුව, මැලෑගම සුගත බිම්බාරාමය, බණ්ඩාරගම, මස්විල ශෛලතලාරාමය යන චතුර් විහාරාධිපතිව වැඩ විසූ දෙල්දූවේ ඤාණරතන නාහිමියන් අපවත් වී 68 වසරක් සපිරීමත්, රාජකීය පණ්ඩිත ගොරකානේ පේමරතන නාහිමියන් අපවත් වී 42 වසරක් සපිරීමත්, පරණගම සෝමාලංකාර නාහිමියන් අපවත් වී 25 වසරක් සපිරීමත්, කරතොට වජිරබුද්ධි මා හිමියන් අපවත් වී 56 වසරක් සපිරීමත්, පානදුර, දිබ්බැද්ද, මොරවින්න සුධර්මාරාමයේ වැඩ විසූ රාජකීය පණ්ඩිත කරතොට විමලරතන නාහිමියන් අපවත් වී 34 වසරක් සපිරීමත්, බණ්ඩාරගම, මස්විල ශෛලතලාරාමයේ වැඩවිසූ වඩුමුල්ලේ විපස්සි හිමියන් අපවත් වී 16 වසරක් සපිරීමත්, වාද්දූව, දෙල්දුව ගණේවත්ත පුරාණ විහාරයේ වැඩ විසූ පැළෑනේ සද්ධම්මවංශ නාහිමියන් අපවත් වී 13 වසරක් සපිරීමත්, නිමිත්තෙන් ආශිර්වාදාත්මක අටවිසි බෝධි පූජා පින්කම මාර්තු මස 23 වන දින සවස 6.00 ට රාජකීය පණ්ඩිත මීගහකිවුලේ සුමේධ හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අතර වාර්ෂික ගුණ සමරු දානමය පින්කම මාර්තු 24 වන ඉරු දින දවල් සියක් නමක් විෂයෙහි පිරිනැමේ.