Print this Article


කඩුවෙල ඉහළ බෝමිරියේ කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

කඩුවෙල ඉහළ බෝමිරියේ කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපාන පේමසිරි මහා නාහිමියන් ප්‍රධාන දහසකට අධික ශ්‍රී ලාංකේය මහ සඟරුවනෙහි සහ කාම්බෝජයේ උප සංඝරාජ මාහිමියන් ප්‍රධාන කාම්බෝජ ජාතික ගිහි පැවිදි සාධූන්ගේත් ආශිර්වාදය මධ්‍යයේ මාර්තු 09 වන දා පස්වරු 2 ට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කෙරෙන කඩුවෙල ඉහළ බෝමිරියේ කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කාම්බෝජ කලා සම්ප්‍රදායානුකූලව ඉදිකොට ඇති රමණීය විහාර මන්දිරයයි මේ.

   

විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක
ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි

අධ්‍යක්ෂ, ශාස්ත්‍රපති
කාම්බෝජයේ කාශ්‍යප හිමි
බෞද්ධ මධ්‍යස්ථානය
ඉදි කිරීම සඳහා
එම භූමිභාගය
ඉන්ද්‍රාවතී රුද්‍රිගෝ මුණසිංහ මෑණියන් විසින් පූජා කරන ලදී.
මධ්‍යස්ථානයේ කාම්බෝජ සම්ප්‍රදායේ කඨින පින්කම
ධම්මරතන හිමි (නූන්ලායි) ප්‍රධාන ආචාර්ය උපාධිලාභී භික්ෂූන් වහන්සේලා
සංඝාවාසය විවෘත කිරීමේ උත්සවයට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පේමසිරි මහා නාහිමියන්ගේ වැඩමවීම
කඩුවෙල කාම්බෝජ මධ්‍යස්ථානය කේන්ද්‍රකර අධ්‍යාපනය ලබන භික්ෂු සාමණේරයන් වහන්සේලා ආචාර්ය හිමිවරු සමඟ
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයන්හි උපාධි හිමිකරගත් කාම්බෝජයේ කාශ්‍යප හිමියන් ප්‍රධාන කාම්බෝජ ජාතික භික්ෂූන් වහන්සේ
ප්‍රථම සංඝාවාසය විවෘත කිරීමේ උත්සවයට කාම්බෝජ පින්වතුන්ගේ සහභාගීත්වය