Print this Article


කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ නවම් පෙරහර

කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ නවම් පෙරහර

කොළඹ 07,බෞද්ධ කාන්තා විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ සිඟිති දියණියන් විසින් පවත්වනු ලැබූ නවම් පෙරහර ඉකුත් දා (15) වීදි සංචාරය කරන ලදී. සෑම වසරකම සංස්කෘතිකාංග ඇතුළත්ව බෞද්ධ කාන්තා විද්‍යාලය මගින් සංවිධානය කරන එම පෙරහර මෙවර පවත්වන ලද්දේ 08 වෙනි වරටය.

බෞද්ධ කාන්තා විද්‍යාල පරිශ්‍රයෙන් මෙවර ආරම්භ වූ පෙරහරටද සංස්කෘතිකාංග රැසක් ඇතුළත් වූ අතර එය ගංගාරාම විහාරස්ථානයට පැමිණීමෙන් අනතුරුව විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලාගේ ධර්ම දේශනයකින් හා සෙත් පැතීමකින් අනතුරුව නිමාවට පත්විය.