Print this Article


කහඹිලිහේනේ පඤ්ඤාලංකාර මාහිමියන්ගේ සියවන ජන්ම සමරුවට පින්කම්

කහඹිලිහේනේ පඤ්ඤාලංකාර මාහිමියන්ගේ සියවන ජන්ම සමරුවට පින්කම්

උඩතුත්තිරිපිටිය ගොරකදෙණිය ශ්‍රී පුණ්‍යවර්ධනාරාමයේ දී කහඹිලිහේනේ පඤ්ඤාලංකාර මාහිමියන්ගේ සියවන ජන්ම දිනය නිමිත්තෙන් මෙම මස 25, 26, 27 දිනවල දී සෙත්පැතීමේ පින්කම් මාලාවක් පැවැත්වේ.

25 වන දා සවස 6 ට සූරියවැව අරියධම්ම හිමියන් මෙහෙයවන බෝධි පූජාවක් ද 26 වන දා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව ද 27 වන දා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහානාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සංඝාවාස ගොඩනැගිල්ලේ නාමපුවරුව විවෘත කිරීම සහ දවල් ශතාධික මහ සඟරුවන විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වීම ද, නාලන්දේ ආනන්දසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.