Print this Article


ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ජන්ම සමරුව දා පින්කම්

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ජන්ම සමරුව දා පින්කම්

ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 133 වන ජන්ම සමරුව නිමිත්තෙන් (21) ඉකුත් දා ලේක්හවුස් මන්දිරයේ දී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්විණි.

එහිදී කොළඹ හුණුපිටිය ගංගාරාමාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ අනුශාසනාව සිදු කළහ. විජය පුවත්පත් ආයතනයේ සභාපති රංජිත් විජයවර්ධන මහතා විසින් මහ සඟරුවන වෙත දැහැත් වට්ටිය පිළිගන්වා පිරිත් දෙසුමට ආරාධනා කළේ ය. ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා විසින් සධාතුක කරඬුව වෙත ගිලන්පස පූජා කළ අතර පුෂ්ප පූජාව ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා සිදු කළේ ය.

අධ්‍යක්ෂවරුන් වන දුෂ්මන්ත බස්නායක, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ලලිත් අලහකෝන්, මොහාන් රේ අබේවර්ධන මහත්වරු සහ උමා රාජමන්ත්‍රී මහත්මියද සමාගමේ ලේකම් කුමුදු ගුණවර්ධන මහත්මිය සහ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා ඇතුළු පුවත්පත් කතුවර, කතුවරියන් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් සේවක සේවිකාවෝ ද එම අවස්ථාවට සහභාගී වූහ.

සපිරිකර සංඝගත දක්ෂිණාව ඉකුත් දා (22) පැවැත් වූ අතර එහිදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමි, ගංගාරාමවාසී ධම්මානන්ද හිමියන්, කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමි අනුශාසනා පැවැත්වූහ. අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් වෙත ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා අට පිරිකර පූජා කළ අවස්ථාව ද මෙහි දැක්වේ.