Print this Article


ඓතිහාසික දීඝවාපියේ පිරිවෙනක් ආරම්භ කරයි

ඓතිහාසික දීඝවාපියේ පිරිවෙනක් ආරම්භ කරයි

ඓතිහාසික දීඝවාපි රජමහා විහාරස්ථානය මුල් කරගෙන මුලික පිරිවෙනක් ආරම්භ කිරීම මහා සංඝරත්නයේ ප්‍රධානත්ව යෙන් ඉකුත්දා සිදුකෙරිණි. උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක උතුරු නැගෙනහිර පිරිවෙන් පිළිබඳ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ, අම්පාර මහාවාපි විහාරාධිපති අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිඳිවැල සෝමරතන හිමි. මල්වතු මහා විහාරිය කර්මාචාර්ය මහඔය ජිනරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කළහ. මහඔය සෝභිත හිමියන්ගේ උත්සාහය මත එම පිරිවෙන ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.