Print this Article


දහම් පාරමිතා පදනමෙන් චූල පුස්තක පිරුවානා පොත් වහන්සේ

දහම් පාරමිතා පදනමෙන් චූල පුස්තක පිරුවානා පොත් වහන්සේ

දහම් පාරමිතා පදනම විසින් සතර බණවර සහිත මහ පිරුවානා පොත් වහන්සේ හෙවත් මහ පිරිත් පොත පුරාණ පුස්තකය හා සමානව නිවැරැදිව අතිශය කුඩාවට සකස් කර රතන සූත්‍රයෙන් පිරිත් කර විශේෂිත කරඬුවක තැම්පත් කොට ධම්ම ධාතුන් වහන්සේ නමක් ලෙසින් බෞද්ධයන් හට ආමිස පූජා පැවැත්වීමට හැකි වන ලෙසින් සකස් කොට දායාද කිරීම සනිටුහන් කරමින් ලොව කුඩාම චූල පුස්තක පිරුවානා පොත්වහන්සේ හෙවත් මහ පිරිත් පොත මුද්‍රණ ද්වාරයෙන් දොරට වැඩීම සහ දහම් පාරමිතා පදනමෙහි ධූර ප්‍රදානය ජනවාරි මස 18 වන සිකුරාදා උදෑසන 9.00 ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් සිදු කිරීමට නියමිත ය.