UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කළුතර දිස්ත්‍රික්කයේ හා බෙන්තර වළල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝ නායක කීර්ති ශ්‍රී වාගීශ්වරාචාර්ය ඓතිහාසික කන්දේ විහාරයේ විහාරාධිපති අපවත් වී වදාළ බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරවය දැක්වූ අවස්ථාව. ඉකුත් 7 වන දා කන්දේ විහාරය වෙත ගිය ජනාධිපතිතුමා එහිදී ශ්‍රී දේහයට අවසන් ගෞරවය දැක්වූ අතර විහාරස්ථ භික්ෂූන් වහන්සේලාට සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේට සිය සාතිශය සංවේගය පළකර සිටියේ ය.
 

 

 

පානදුර දිබ්බැද්ද මොරවින්න සුධර්මාරාම පුරාණ විහාරස්ථ

සුභාෂෝදය තරුණ බෞද්ධ සංගමයේ 70 වන සංවත්සර මහෝත්සවය

 

පානදුර දිබ්බැද්ද මොරවින්න පුරාණ විහාරස්ථ සුභාෂෝදය තරුණ බෞද්ධ සංගමයට වර්ෂ 70 ක් සපිරේ. චිරාත් කාලයක් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා මනුෂ්‍යත්වයෙන් පොහොසත් සංවේදී විනයගරුක දූදරු පිරිසක් බිහිකිරීමටත් සමාජ අභිවර්ධනය පිණිසත් මෙමඟින් ඉටුකළ සේවය අතිවර්ණිත ය. මෙම අත්‍යුත්තර මෙහෙවර අනුස්මරණය කෙරෙන සැමරුම් උත්සවය දෙසැම්බර් 09 වන දින ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිපාණන් වහන්සේගේ සහ ගිහි පැවිදි සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. අමරපුර මහා නිකාය හා බැඳුණු මහ සඟ පරපුරක ආශීර්වාදය මධ්‍යයේ බැබළීමට පත්වූ මෙම විහාරස්ථානයේ ආදි කර්තෘන් ලෙස අපවත් වී වදාළ පීක්කුලමේ සංඝරතන මා හිමි, කහතුඩුවේ පඤ්ඤාරතන නා හිමි, දෙල්දූවේ ඤාණරතන අධිකරණ නා හිමි, ගොරකානේ පේමරතන අධිකරණ නා හිමි, පරණගම, සෝමාලංකාර අධිකරණ නා හිමි, ශාස්ත්‍රාචාර්ය කරතොට විමලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු යතිවරයන් වහන්සේලා සුධර්මාරාම පුරාණ විහාර වංශ කතාවේ ලේඛනගතව ඇත.

ඉතිරිය»

 

උඳුවප් පුර අටවක පෝය


උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් 15 වන දා සෙනසුරාදා පූර්ව භාග 4.17 ට ලබයි. 16 වන දා ඉරිදා පූර්ව භාග 06.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 15 වන දා සෙනසුරාදා.

 

මීළඟ පෝය දෙසැම්බර් 22 වන දා සෙනසුරාදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 15

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 22

Second Quarterඅව අටවක

දෙසැම්බර් 29

Full Moonඅමාවක

ජනවාරි 05


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]