Print this Article


නව අගමැතිතුමා ආශිර්වාද ලබමින් ...

නව අගමැතිතුමා ආශිර්වාද ලබමින් ...

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඉකුත්දා (26) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්නේ ය. නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දීමෙන් අනතුරුව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල යෙදෙමින් ආශිර්වාද ලබාගත් අතර, එහිදී විහාරාධිපති ගලබොඩ ඤාණිස්සර නා හිමියන් වහන්සේ (ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ) බැහැදැක ආශිර්වාද ලබා ගැනීම ද සිදුවිය. ඉන් අනතුරුව පසුගිය (28) දා මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලා දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය.

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය (28) දා මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලා දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය. එම අවස්ථාවේ අගමැතිවරයා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක මාහිමිපාණන් වහන්සේ සමඟ සුහද පිළිසඳරක යෙදී සිටි අයුරු.

අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නායක මාහිමියන් වහන්සේ විසින් නව අගමැතිවරයාට ආශිර්වාද කරමින් පිරිත් නූලක් අත බැඳි අයුරු.

නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දීමෙන් අනතුරුව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල යෙදෙමින් ආශිර්වාද ලබාගත් අතර, එහිදී විහාරාධිපති ගලබොඩ ඤාණිස්සර නා හිමියන් වහන්සේ (ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ) බැහැදැක ආශිර්වාද ලබා ගැනීම ද සිදුවිය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඉකුත්දා (26) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්නේ ය.

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් පසු ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීම සඳහා ශ්‍රී දළදා මාළිගාවට පසුගිය දා පැමිණි අවස්ථාව.