|
ධර්ම දේශනාව:
පි‍්‍රය වචන කතා කරමු
මිනිසාට නෙත් යුවළක් හා දෙසවනක් ලැබී ඇත. ඒ විමසුම් නුවණින් යමක් දෙස බැලීමටත්,
යමකු ප්‍රකාශ කරන දෙයට කල්පනාකාරීව සවන් යොමු කිරීමටත් ය. එහෙත් ඔහුට ඇත්තේ එක
මුවක් හෙවත් කටක් පමණි. මුඛය මිනිසාට ලැබී තිබෙන ඉතා වටිනා වූත්, තීක්ෂණ වූත්
ඉන්ද්‍රියයකි.
මුඛය ලැබී තිබෙන්නේ ප්‍රධාන කාර්යයන් දෙකක් කිරීමටය.ශරීරයට ආහාර ඇතුළු කිරීම එක
කාර්යයකි. අදහස් ප්‍රකාශ කිරීම හෙවත් කථා කිරීම අනෙක් කාර්යයයි. මෙම කාර්යයන් දෙකම
නිවැරැදිව නොකළහොත් ලැබූ මිනිස් ජීවිතයේ වටිනාකම ගිලිහිී යයි. ආහාර ගැනීමේ දී අප
ප්‍රවේශම් විය යුත්තේ කායිකව ඇතිවන ආබාධ අවම කර කය නිරෝගීව තබා ගැනීම පිණිස ය. කතා
කිරීමේ දී තමා පිට කරන භාෂාව පිළිබඳව ආහාර ගැනීමේ ක්‍රියාවලියට වඩා වැඩි අවධානයක්
යොමු කිරීම වැදගත් ය. එක මුවක් පමණක් ලබා දී ඇත්තේ සීමා සහිතව වචන ප්‍රකාශ කිරීමට
ය. කියන දෙය නිවැරැදිව අර්ථවත්ව හා පි‍්‍රය උපදවන පරිදි ප්‍රකාශ කිරීමටය. අක්‍රමවත්
ලෙස ආහාර භාවිතය නිසා වන හානියට වඩා මුවෙන් ගිලිහෙන වචන අශීලාචාර වුවහොත් තමාටත්
අනුන්ටත් වන අයහපත බරපතළ නිසා ය.
ඉතිරිය» |
|
නිකිණි අමාවක පෝය
නිකිණි අමාවක පෝය සැප්තැම්බර් 09 වනදා ඉරිදා පූර්ව භාග 02.44 ට ලබයි.
එදින ම අපරභාග 11.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 09 වන
ඉරිදා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 16 වනදා ඉරිදා
|
|
|
|
|
|
|