Print this Article


කොල්ලුපිටිය වාළුකාරාම මහා විහාරය මගින් පවත්වනු ලබන වාර්ෂික ඇසළ මහා පෙරහර

කොල්ලුපිටිය වාළුකාරාම මහා විහාරය මගින් පවත්වනු ලබන වාර්ෂික ඇසළ මහා පෙරහර

කොල්ලුපිටිය,වාළුකාරාම මහා විහාරය විසින් 55 වන වරටත් සංවිධානය කරනු ලබන වාර්ෂික ඇසළ මහා පෙරහර අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 07 දින රාත්‍රී වීථි සංචාරය කිරීමට නියමිතය .

සැප්තැම්බර් මස 01 දින සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ද, 02 වනදා පස්වරු 3.30 විහාරස්ථානයේ සිට ගණදෙවි ප්‍රතිමාව රැගත් පෙරහර බම්බලපිටිය , කදිරේෂන් කෝවිල (වජිර කෝවිල) දක්වා ගමන් කිරීම ද,03 වනදා පස්වරු 5.30 තර්ස්ටන් විද්‍යාලය විසින් සංවිධානය කරන මල් පෙරහර එම විද්‍යාලයේ සිට විහාරස්ථානය දක්වා ගමන් කිරීම ද 04 වනදා පස්වරු 5.30 මහානාම විද්‍යාලය විසින් සංවිධානය කරන මල් පෙරහර එම විද්‍යාලයේ සිට විහාරස්ථානය දක්වා ගමන් කිරීම ද 5 වනදා පස්වරු 5.30 ට රාජකීය විද්‍යාලය විසින් සංවිධානය කරන මල් පෙරහර එම විද්‍යාලයේ සිට විහාරස්ථානය දක්වා ගමන් කිරීම ද 06 වනදා පස්වරු 6.30 7.30 බෝධිපූජා පින්කම ද අනතුරුව පාවාඩ පෙරහර ද 07 වනදා රාත්‍රී 7.50 අවසන් මහා පෙරහර වීථී සංචාරය කිරීම. වාළුකාරාම පාර, ගාලු පාර,කොල්ලුපිටිය මංසන්ධියෙන් ලිබර්ටි වටරවුම ඔස්සේ ආර්. ඒ. ද මෙල් මාවත හරහා නැවතත් විහාරස්ථානයට ළඟාවීම ද සිදු කෙරේ. 08 වන දින පෙරවරු 7.00 දේව දානය හා කිරි ඉතිරවීම පවත්වා ගරායක් නැටුමෙන් පින්කම් මාලාවේ කටයුතු නිමවේ.