Print this Article


බුදුසරණ ප්‍රහේලිකා අංක 02 හි ජයග්‍රාහිකාවට ධර්ම ග්‍රන්ථ කට්ටලය පිරිනැමේ

බුදුසරණ ප්‍රහේලිකා අංක 02 හි ජයග්‍රාහිකාවට

ධර්ම ග්‍රන්ථ කට්ටලය පිරිනැමේ

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය අනුග්‍රහයෙන් පළ වූ බුදුසරණ ප්‍රහේලිකා අංක 02 හි ජයග්‍රාහිකා එම්. ඩී. එස්. එස්. ගුණතිලක මහත්මියට පසුගියදා ලේක්හවුස් ආයතනයේ දී ධර්ම ග්‍රන්ථ කට්ටලය පිරිනැමිණි. පිරුවානා පොත් වහන්සේ, සප්ත බොජ්ඣංගය, මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් විසින් රචිත ‘බුදුන් වදාළ ධර්ම ග්‍රන්ථය ද ඇතුළු වටිනා ධර්ම ග්‍රන්ථ රැසක් ඊට ඇතුළත් විය.

බුදුසරණ ප්‍රහේලිකාව ඉදිරිපත් කිරීම මහාචාර්ය කිවුලේගෙදර නාරද හිමියන්ගේ අනුශාසකත්වයෙන් කේ. එල්. ඒ. රණසිංහ මහතා විසිනි.

 

එම්. ඩී. එස්. එස්. ගුණතිලක මහත්මිය තමන්ට හිමි ධර්ම ග්‍රන්ථ කට්ටලය ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා අතින් ලබාගත් අවස්ථාව.