Print this Article


ප්‍රභාශ්වර සිත

ප්‍රභාශ්වර සිත

රහතන්වහන්සේගේ විඤ්ඤාණය, ‘සියලු සීමාවන් ඉක්මවා අනන්ත ස්වභාවයට පත්වෙනවා. එය ද අනුපදිශේෂ පරිනිබ්බානයෙහි දී නිරුද්ධ වෙනවා.

මේ අනිදස්සන විඤ්ඤාණය , නැත්නම් ප්‍රභාෂ්වර සිත, ‘අනුසය යටපත්ව තිබූ භවාංග සිතේ පැහැදිලිතාව නොවෙයි. ‘බාල කාලයේ’ තිබුණු පැහැදිලිතාව නොවෙයි. එතැනදී ‘අනුසය යටපත්ව තිබුණා’. ලෞකිකව, ‘ධ්‍යාන බලයෙන් ඇතිවු’ පැහැදිලිතාවයක් නොවෙයි. එතැනත් අනුසය යටපත් වී තිබුණේ.

මේ දස අංගයකින් සමන්නාගත වන විට,ඒ ‘අනිදස්සන විඤ්ඤාණය සංඛාරයන්ගෙන් මිදුණා!

ඒ නිසා තමයි,

“පභස්සරමිදං භික්ඛවෙ චිත්තං

මහණෙනි, මේ සිත ප්‍රභාෂ්වර ය.

තං ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි විප්පමුත්තං

එයද වනාහි ‘ආගන්තුක උපක්ලේශයන්ගෙන් මිදී”

තං සුතවා අරියසාවකො යථාභූතං පජානාති

ඒ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ තත්වූ පරිද්දෙන් දනී.

තස්මා සුතවතො අරියසාවකස්ස චිත්ත භාවනා අත්ථිති වදාමි.

එහෙයින් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට චිත්ත භාවනා අතථිති වදාමි’

එහෙයින් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට චිත්ත භාවනාව ඇතැයි වදාරමි” කියා දේශනා කර තිබෙන්නෙ.

ඒ නිසා අපි වටහා ගත යුතුයි.

පුණ්‍යාභිසංඛාර – පුණ්‍ය ක්‍රියා,අපුණ්‍යාභිසංඛාර – පාපක්‍රියා

ආනෙඤජාභිසංඛාර – අරූප ධ්‍යාන, මේ සියල්ලක්ම

‘විඤ්ඤාණයට බඳුන්වයි දැනගැනීම” වෙන්නේ.

එතැන පහළවන්නේ – පඤ්ච ‘උපාදාන’ ස්කන්ධයයි

ඒ පිළිබඳව දුකෙඛ ඤාණං – ‘දුක පිරිසිඳ දැකීම’ අපට ඕනෙ කරනවා

ඒ හැම තැනකම ‘ආත්මි ගතියෙන්’ යුක්තව කර්ම රැස්වෙනවා

දුක්ඛ සමුදයෙ ඤාණං – ඒක ඵල නිරෝධ’ ධර්ම දැකීමෙන් තණ්හාව,උපාදානය නොවීමෙන්

‘දුක්ඛ නිරෝධය’ යැයි ඤාණය පිහිටන්න ඕනෙ.

එයට මාර්ගය

දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය ඤාණං,ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

එනම්, හැම විටම කාය කර්මය, වචී කර්මය, මනෝ කර්මය

හේතු ඵල නිරෝධයක් බව.

ඒ ඒ අවස්ථාවල මේ ‘වායෝ ධාතුව චේතනාවකට එකතු වී, ක්‍රියාකාරි වී, ක්‍රියාවෙන් නිරුද්ධ වන බව‘

එය, පුණ්‍යාභිසංඛාර ආනෙඤජාභිසංඛාර පවා ඉක්මවා

– ප්‍රභාෂ්වර බවට ම වෙනවා

ඒ ප්‍රභාෂ්වර සිත ද අනුපදිශේෂ පරිනිබ්බානයෙන් නිරුද්ධ වී යනවා

ඒ ගැන යම් හැඟීමක් අපට ඇතිවෙනවා නම්, ඒ මට්ටමේ හැටියට අනුසය සහගත කෙලෙස් ක්ෂය වෙමින්, ක්ෂය වෙමින්,සෝවාන්, සකෘදාගාමී, අනාගාමී ,අරිහත් ඵල සාක්ෂාත් වෙනවා.

රහතන් වහන්සේට සම්මා ඤාණ, සම්මා විමුක්ති කියා තවත් අංග දෙකක් ඇතිවෙනවා.

විසංඛාර ගතං චිත්තං තණ්හානං ඛයමජ්ජගා

මේ “විසංඛාර ගත චිත්තයකින්’ තණ්හාව ක්ෂය වී යනවා

අනුපදා පරිනිර්වාණයෙන් නිවි සැනසෙනවා

මේ තැන දක්වාම අප යම් ධර්මාවබෝධයක් ලබාගෙන, ජීවිතයට එකතු කරගෙන ,සෝවාන් ආදි මාර්ගඵල පිළිවෙලින් උතුම් නිවනින් සැනසීමට හේතු වාසනා වේවා!

සම්මා සම්බුදු සරණයි!

මෙම ලිපියෙහි පස්වන, කොටස අධි පොසොන් පුර පසළොස්වක පෝදා මැයි 29 වන දා පත්‍රයේ පලවිය.