Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

සියම් දේශයේ බෞද්ධ මහා සම්මේලනය මඟින් පිරිනමන ලද විශේෂ ගෞරවනාම ශ්‍රී ලාංකේය කලා කෙත අස්වැද්දීමට වෙර දරන විද්වතුන්ට පිරිනැමීමේ උත්සවයක් පසුගියදා අම්බලන්ගොඩ පටබැඳිමුල්ල සිරි නිකේතනාරාම පුරාණ විහාරස්ථානයේ දී ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවිය. එම අවස්ථාවට හිරේවත්ත ශ්‍රී විජයාරාමාධිපති රාජකීය පණ්ඩිත අධිකරණ සංඝ නායක අම්බලන්ගොඩ සුධම්ම හිමි, එක්සත් බෞද්ධ මහා සම්මේලනයේ ලේකම් සමුදය බාණුක විමලසූරිය යන මහත්වරු ඇතුළු විද්වත් පිරිසක් එක්ව සිටිය හ. රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති, වේනමුලලේ සෝභිත හිමියන්ට කාව්‍ය ශ්‍රී විශාරද සම්මානයත්, රත්නපුර කුරුවිට විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී විචිත්‍රභාණී තෙප්පනාවෙ පියදස්සි හිමියන්ට විනය කීර්ති ශ්‍රී ශාසන ලක්ෂිත සම්මානයත්, සමස්ත ලංකා එකමුතු පදනමේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්, දේශමාන්‍ය කුෂාන් ජයමින් ද සිල්වා මහතාට දේශකීර්ති ශ්‍රී ජනරංජන හෙළ කලා විශාරද සම්මානයත් පිරිනමන ලදී.
ධර්මදාස සිරිවර්ධන

රත්මලාන කල්දෙමුල්ල දුම්රිය හරස් පටුමගේ අංක 40 ස්ථානයේ කේ.ප්‍රේමදාස මහතා සහ එච්.ඩබ්ලිව්. කල්‍යාණි යුවළගේ සහ ඔවුන්ගේ පුත් කේ.පි‍්‍රයංකර යන අයගේ ධන පරිත්‍යාගයෙන් ඔවුන්ගේ ව්‍යාපාර ස්ථානයට නුදුරින් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත්කර කුඩා දර්ශනීය බුදු මැදුරක් වෙසක් පොහෝ දින විවෘත කරන ලදී. එම බුද්ධ ප්‍රතිමා වහන්සේ කල්දෙමුල්ල පුලිනතරාම විහාරස්ථානයේ සිට පෙරහරකින් වඩමවා තැම්පත් කරන ලදී. ආගමික කටයුතු කල්දෙමුල්ල පුලිනතලාරාම වාසී රත්මලානේ ධම්මික හිමියන් විසින් සිදු කරන ලදී. පිළිම වහන්සේ විවෘත කිරීම සඳහා වූ උත්සවයට ප්‍රදේශවාසීහු බොහෝ දෙනෙක් සහභාගී වී සිටියහ.
රාවතාවත්ත සමූහ, රෝහණ ද සිල්වා