Print this Article


උපදේශාත්මක බණ කතා සාහිත්‍යය: පුරිසදම්ම සාරථී ගුණයෙන් දමනය වූ කුලමානය

පුරිසදම්ම සාරථී ගුණයෙන් දමනය වූ කුලමානය

මෙම ලිපියෙහි ඉතිරි කොටස මැයි 08 වැනිදා පත්‍රයේ පළවිය.

ටික කලකින් දිට්ඨ මංගලිකා මණ්ඩව්‍ය නමින් කුමාරයෙකු ප්‍රසූත කළාය. මිථ්‍යා දෘෂ්ටික බමුණෝ ඔහුට නම් තබා ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වූහ. ඔහු මිසදිටු දහමේ එල්බ ගනිමින් නිතර අසූදහසක් බමුණන්ට හකුරු මිශ්‍ර කිරිබත්ම දන් දුන්හ. දිනක් මාතංග පණ්ඩිතයා නම් තවුසා සිවුරු හැඳි අඹුව හා දරුවා බැලිමට පැමිණි විට අසූදහසක් මිසදිටු බමුණන්ට පුත්‍රයා දන්දෙනු දිටී ය. මිසදිටුවනට දන්දීම සුදුසු නොවන බවත්, සිල්වත් අයට පමණක් දන්දීම සුදුසු බවත් මණ්ඩව්‍ය කුමාරයාට ප්‍රකාශ කළ ද , ඒවා පිළිනොගත්තේය.

මෛත්‍රි කරුණා ඇති අයට දන්දීම සුදුසු බවට ප්‍රකාශ කළත්, ඒවා ද පිළිනොගත්තේ ය. තරහ ගිය මණ්ඩව්‍ය කුමාරයා තවුසාට බැණ වැදී කසළගොඩක සිට ආ ප්‍රේතයෙකු සේ සලකා සේවකයන් ලවා තවුසාව එලවූහ. පිඬුසිඟා වැඩි මාතංග තවුසා එම සිද්ධිය දිට්ට මංගලිකාවට පෙන්වා දෙමියි ඉටා ගත්හ. තවුසාට සිදුවූ අසාධාරණය, නුවර රැකවල්හි සිටි දෙවියන්ට පෙනී කුමාරයාගේත් එතන සිටි පිරිසගේත් ගෙල පිටි අතට හරවා අකරතැබ්බයකටම පත් කළහ. දිට්ටමංගලිකාවට මෙම කරදරයකටම දැනෙන්ට ලැබුණ අතර මෙය මාතංග ස්වාමියාගේ බලයක් විය හැකි බැව් සිතුවාය. අසල දන් වළදමින් සිටි පණ්ඩිතයාට වැඳ සිටි දිට්ඨ මංගලිකාව තම පුතාට සිදුවී ඇති කරදරය ද කියා සිටියා ය. මේ පුවත ගැන කල්පනා කළ තවුසා තමා වැළදූ ඉඳුල් වතුරෙන් පුත්‍රයාගේ හා පිරිසගේ මුව දොවන ලෙස දැන්වී ය. අනතුරුව තවුසා හිමාලයටම ගියේ ය. දිට්ඨමංගලිකාව පුතාගේ සහ අනෙක් පිරිසගේ මුව ඉඳුල් වතුරෙන් සේදුවාය. සැඬොල් කුලයේ ඉඳුල්වලින් බමුණාගේ මුව දෙවුහයි යන පුවත නුවර පුරාම ප්‍රසිද්ධ විය. කරදරයට පත් බමුණෝ බමුණු බවින් මිදී සාමාන්‍ය ජනයා සේ ජීවත් වූහ. ඔවුන්ගේ කුල මානය බිඳී ගියහ. බුදුරජාණන් වහන්සේගේ බෝසත් කාලයේ ආශ්චර්යයක මහත. මේ බව ඔබත් දැන කුලභේදය නොසැලකීම සඳහා කරුණු වටහාගන්න.